Wednesday, December 15, 2010


බුද්ධිවාදී සමාජය.
බුදුසමය ආගමික දර්ශනයක් බව එහි මූලික දේශනාවන්ගෙන්ම පෙනීයයි.බුදුරජානන් වහන්සේට න්යාහයාත්මකව සමාජ දර්ශනයක් ඉදිරිපත් කිරීමට අවශ්යය තාවක් නොතිබූ බව පෙන්නුම් කළ හැකිය.සංයුක්ත නිකායේදී බුදුරජානන් වහන්සේ අනුරාධට දේශනාකළේ තමන් දුකත් දුකින් අතමිදීමත් දේශනා කරන බවය.මේ ප්ර්කාශයෙන් ඉගි කරන කාරණයනම් උන්වහන්සේගේ මුඛ්යම පරමාර්ථය නිවන වෙත පුද්ගලයාට මාර්ගය පෙන්වීම පමණක් බවයි .එහෙත් උන්වහන්සේගේ ධර්ම ප්රවචාරය මේ ඉලක්ක සපුරා ගැනීම සදහාම පමණක් නොවූබව පෙන්නුම් කරයි.මෙහිදී රජ,ඇමති,ගොවි,කම්කරැ ගෘහස්ථයන් ආදී කොට ඇති සමාජාය් දැකිය හැකි සෑම කෙනෙක්ම උන්වහන්සේ දේශනාකරණ උත්කෘෂ්ඨ නිවන ගැන දැනගැනීමට සාධක සහිතව දැක්විය හැකිය.සාමාන්ය ජනතාව ඔවුන්ගේ සාමාන්යජ ජීවිතයේ ලෞකික ගැටළු පිළිබදව උන්වහන්සේ හා සාකච්චා කොට ඇත. මේනිසා විවිධ සමාජ ගත ප්රනශ්න වලට අදාළ පිළිතුරැ උන්වහන්සේ දක්වා ඇති අතර සූත්රේපිටකයේ විවිධ තැන්වල එම කරැණු අසංවිධාත්මකව විචිත්රසකාරයට සංග්රඅහවී ඇත. මේ නයින් බිහිවන බෞද්ධ සමාජ දර්ශනයේ මුලික අරමුණක් වුයේ බුද්ධිවාදී සමාජයක් බිහිකිරිමයි.බුදු සමය තුළ ආගමික මිත්යාේ විශ්වාස කිසිවක් දැකිය නොහැක.තම ධර්මය හදුන්වා දෙන සෑම තැනකදීම නිරීක්ෂණයට ඉඩ සලසා ඇත.(ඒහි පස්සිකො)එමෙන්ම තමන්ම ප්ර ත්යකක්ෂයෙන් අවබෝධ කළ යුතුබව දක්වා ඇත.(පච්චත්තං වෙදිතබ්බෝ)මෙම ධර්මය සාංදෘෂ්ටික ලක්ෂණ වලින් යුක්තව ඇත.(සංදිටඨිකෝ)මේ සියළු ලක්ෂණ දැනුමේ අනුභූතික ලක්ෂණ ප්රෝකට කරන අවස්ථාවන්ය.කෙවල පරමාර්ථය වන නිවන පවා භෞතික ලක්ෂණයන් ඉක්මව වු තමන්ගේම ඤාණ ශක්තියෙන් මෙලොවදීම සාධනය කළ යුතු ප්රිබුද්ධ අවස්ථාවක් ලෙස දක්වා ඇත.බුදු සමයේ දක්වා ඇති කරැණු පරිශීලනයෙන් නිරීක්ෂණ යෙන්ම තොරාගත යුතු කරැනු ලෙස දක්වා ඇත.ප්ර ඥාවන්තයා පිරික්සීමෙන්ම රන් මතුකරගන්නාක් මෙන් තම දහම දැඩි පරීක්ෂාවකින් පසුව දැන ගත යුතුබව කාළාම සත්රරයේ දක්වා ඇත. මහා පරිනිබ්බාන සුත්රරයේ දක්වන ආකාරයට ධර්මය විමසීමෙදී සුත්ර විනය තුළනය කරමින් එහි විද්යරමාන සත්යයයට පැමිණිය යුතුබව දක්වා ඇත.බුදු දහමේ දක්වන ප්රනඥාවේ දොරටුව ශ්‍රද්ධාවයි.එහි මුලික ශද්ධාව දෙයාකාරයකින් විස්තර වේ.
01.අමුලිකා ශ්‍රද්ධාව
02.ආකාරවති ශ්‍රද්ධාව
බුදුන් වහන්සේ බුද්ධියේ ප්රනවේශය ලෙස සලකන ශ්ර ද්ධාවේ මුලික ස්වරෑපය ආකාරවතී ශ්රුද්ධාව නැතිනම් බුද්ධිවාදී ශ්‍රද්ධාව ලෙස ප්‍රකාශකොට ඇත.එයින් උන්වහන්සේ අදහස් කළේ බුද්ධිවාදී සමාජයක් නිර්මාණය වීම සහන ශිලී සමාජයක් නිර්මාණය කිරීමේ පදනම වන බවයි. ම.නි දක්වන පරිදි පුද්ගලයාට යහපත දැකීමට උපයෝගී කරගත හැකි අංග දෙකකි.
01. පරතෝඝෝෂොය.-අනුන් විසින් ප්රලකාශිත දේ
02.යෝනිසෝ මනසිකාරය.-බුද්ධිවාදී අවධානය
මේ කරැණු දෙකම පුද්ගලයාගේ චරිතයට සම්බන්ද වියයුතු ප්රාධාන කරැනු දෙකක් ලෙස දක්වා ඇත. පරතෝඝෝෂය තෝරා බේරා ගැනීමේදී කාළාම සුත්රසයේ දක්වා ඇති නිර්ණායක ඔස්සේ විමසුව මනා බව පෙන්වා දේ.බුද්ධිවාදී චින්තයට බලපාන අධිකාරීත්ව චින්තන ගණනාවක් මෙහිලා ප්රමතික්ෂේපිතය.මා අනුස්සවේන- දේව ප්ර කාශනය.මා පරම්පරාය-පාරම්පරික අධිකාරීත්වය. මා ඉතිකිරාය -මෙසේ ආ ලෙසින්. මා පිටකසම්පදානේන -පොතපතේ එන පිළිවෙලට. මා තක්කහේතු- හුදෙක් න්යානයට ගැලපෙන නිසා. මා දිටඨිනිඡඣානක්කන්තියා - තමන් පිළිගත් දෘෂ්ටියට ගැලපෙනනිසා. මා භබබරෑපතාය- පුද්ගලයාගේ දැනීමේ ප්රයභලත්වය සලකා. මා සමණොගරු- මාගේ ගුරුවරයාගේ ප්රවකාශය නිසා . ආදී නිදහස් චින්තනයට බාධාවන අධිකාරීත්ව චින්තන ගණනාවක් කාළාම සුත්රෙයෙහි ප්ර කාශ කොට ඇත.මේ අධිකාරීත්වයන් දැනුම දෙන මාධ්යව ලෙස ප්ර තික්ෂේප කොට නැත.මේවායින් අර්ථවත් වෙන්නේ මේවා එක සත්ය ක් ලෙසින් න්යාපයාත්මකව ප්ර්මාණිකත්වයෙන් නොගතයුතු බවය.විද්යා ත්මක චින්තනය යනු මේ අධිකාරීත්වයන්ගෙන් බැහැරව ලබන දැනුමයි.නිරීක්ෂණ ක්ර්මවේදයෙන් ලබාගත් ච්න්තනයයි.කාළාම සුත්රනයේ දැක්වෙන ආකරයට සෑම දිශාවකින්ම පැමිණි ආගමිකයින් තම ආගමික මතිමතාන්තර ප්රරකාශ කළ බව කියවේ.මෙහි ධවනිතාර්ථවත් වන්නේ නිදහස් ච්න්තකයකු ලෙස සැම දර්ශනයකටම ඉගැන්වීමකටම අවධානය යොමුකොට සත්ය් පමණක් පිළිගත යුතුබවයි.ඉන් පැනෙන තවත් අරැතක් නම් බුදුසමය නිදහස් චින්තයට පමණක් නොව නිදහස් ප්රිකාශනයටද ඉඩ සලසා ඇති බවයි.බලපෑමකින් තොරව නිදහස් මත දරමින් නිදහස් ප්රිකාශ නිකුත් කිරීම් අයිතිය ඕනෑම සමාජයක තිබියයුතු අයිතිවාසිකමකි.එසේම ප්රරකාශනය කරුනු 03 ක එකගකමක් මත සිදුවියයුතු බව දක්වා ඇත.
01.අත්තාධිපතෙය්යස - හෘදසාක්ෂියට අනුකුලවීම
02.ලෝකාධිපතෙය්යය - ලෝකයේ පිළිගැනීම
03.ධම්මාධිපතෙය්යස - ධර්මයට අනුකුලවීම
මෙම තෙවැදෑරැම් කරුනු වලට එකගනම් පමණක් නිදහස් අදහස් ප්රකකාශකිරීමේ අයිතිය තහවුරුකිරීමට බුදුසමය එකගවේ.