Saturday, February 27, 2016

ජෝන්ඩුවීගේ අධ්‍යාපනික චින්තාවන් ඔබේ පන්තිකාමර ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට ආදේශ කළ හැක්කේ කෙසේද?

එංගලන්ත කාර්මික විප්ලවය, ඩාවින්ගේ පරිණාමවාදී අදහස් හා රූසෝගේ ස්වභාව වාදී අදහස් වලින් පන්නරය ලැබූ ජෝන් ඩුවී (1859-1952) කාලය තුළ ජීවත් වූ දාර්ශනිකයෙකි, අධ්‍යාපනඥයෙකි. ජීවන අත්දැකීම් බොහෝ දුරට මොහුගේ දර්ශනයට බලපා ඇත.
 අධ්‍යාපනයේ වගකීම දරුවාගේ පූර්ණ පෞරුෂ වර්ධනය කිරීම බව පෙන්වාදු ඩුවී ළමයාගේ හැකියාවන් ළැදියවන් හා සමාජ අවශ්‍යතා අනුව  ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රියාවලිය හැඩ ගැසිය යුතු බව  පෙන්වා දේ.  එකල තිබූ සාම්ප්‍රදායික ඉගැන්වීම් ප්‍රතික්ෂෙප කළ ඔහු  ජීවිතයේ එදිනෙදා සම්බන්ධවන ලෙස ස්වභාවික අධ්‍යාපන අවස්ථා පාසල තුළින් සම්පාදනය විය යුතු බවත් දැක්වීය.

 පාසල, පංතිය  දරුවන් ආරක්ෂා කිරීමට පමණක් පවතින බාහිර අලංකරණයෙන් යුත් ස්ථානයක්  නොවිය යුතු බව දක්වා ඇත. මොහුගේ චින්තාවන් පංතිකාමර ඉගෙනුම් - ඉගැන්වීම ක්‍රම වලට මනාව ආදේශ කළ හැකි බව පෙනේ. ගුරු කේන්ද්‍රීය ඉගැන්වීම ප්‍රතික්ශේප කළ ඩුවී ගුරුවරයාගේ කාර්ය විය යුත්තේ දැනුම සම්පේෂණය කිරීම නොව  විවිධ ක්‍රියාකාරකම්  මගින් එම දැනුම ලබා ගැනීමට අවස්ථාව සැලසීමයි. මෙහිදී ශිෂයා කේන්ද්‍ර කොට ගෙන අධ්‍යාපනය ගොඩනැගිය යුතු වබත් සැමවිමට ඉගෙනුම් අවස්ථා සම්පාදන කරමින් ක්‍රියා කාරකම් තුළින් ඉගෙනීමට අත්දැකීම් ලැබීමට සැලැස්විය යුතු බව පෙන්වා දේ. මෙහිදී ව්‍යපෘති ක්‍රම, නිරීක්ෂණ, පරීක්ෂණ, ගවේෂණ, හා නිර්මාණාත්මක ක්‍රියාකාරකම් යොදා ගත හැකි බව ඩුවී පවසයි. මෙහිදී නව චින්තාවන් ඔස්සේ දරුවා ගොඩනැලෙන අතර නව සංකල්පනා හා නිදහස් අදහස් වලට යොමුවීමේ ඉඩකඩ නිර්මාණය වේ.විෂය කරුණු ලබා දීමට වඩා ඒවා අත්දැකීම් මගින් ග්‍රහණය කර ගැනීමේදී දරුවා අධයාපනය මනාව සංකලනය වන අතර එමගින් දැනුම හා ප්‍රායෝගිකත්වය අතර ඇති දුරස්ථ බව අඩු වේ. තවද සාමූහිකව හා තනිව ගැටළු විසදීමට, සජීවී අත්දැකීම් ලබා දීම, ස්වයං අධ්‍යාපනයට යොමු කිරීම, සම වයස් කණ්ඩායම් හා ඉගෙනීම වැනි ක්‍රියාකාරකම් නිර්දේශ කර ඇත. මෙම ක්‍රියාකාරකම් තුළින් දරුවාට හුදු විෂය දැනුම පමණක් නොව මනා සමාජානුයෝජනයකට අවශ්‍ය දැනුම, ආකල්ප හා කුසලතා වර්ධනය වීමක් ද සිදු වේ. මෙහිදී පංති කාමරයේදී ලබන අත්දැකීම තුළින් ඉගෙනීම වඩා වැඩි ප්‍රතිඵලදායක බව  පෙන්වා දී ඇත. තවද එම අත්දැකීම්  ස්මරණය කිරීමට වඩා වැඩි හැකියාවක් ඇතිවන බව ඩුවී පෙන්වා දේ.  මෙසේ ගත් කල ජෝන් ඩුවී විසින් පෙන්වා දෙන  ක්‍රමවේද මගින් මිනිස් චින්තනය දියුණු කරන අතරම ක්‍රියාකාරී අත්දැකීම මගින්  ඉගෙනුම් - ඉගැන්වීම් ක්‍රියාවලිය සාර්ථක කරගත හැකි බව පෙනේ.

.ප්ලේටෝ විසින් ඉදිරිපත් කරන ලද අධ්‍යාපන චින්තාවන් සමස්ථ පුද්ගල සංවර්ධනයට ඇති සම්බන්ධතාව

.ප්ලේටෝ විසින්   ඉදිරිපත් කරන ලද අධ්‍යාපන චින්තාවන් සමස්ථ පුද්ගල සංවර්ධනයට ඇති සම්බන්ධතාව 
ප්ලේටෝ ක්‍රි. පූ. 427 - ක්‍රි. පූ. 347 අතර ජීවත් වූ ග්‍රීක දාර්ශනිකයෙකි. ඔහුගේ ගුරුවරයා වුයේ සොක්‍රටීස්ය. හෙතෙම බටහිර ලෝකයේ වැඩිදුර අධ්‍යාපනයට පිහිට වූ ප්‍රථම ආයතනයේ එනම් "ද ඇකඩමි" හි පුරෝගාමියා විය.  විඥාන විදියෙකු වූ ප්ලේටෝ  අධ්‍යාපනය සැලසුම් කළ යුත්තේ දිව්‍යමය යථා ඥානය  වටහා ගැනීම සඳහා බව පැවසීය. අධ්‍යාපනය යනු වෘත්තීය පුහුණුවක් යන පටු අදහස බැහැරලූ ප්ලේටෝ පැවසුවේ පුද්ගලයාට පුරවැසිභාවය පිළිබඳ පරිපූර්ණත්වයට ළඟා වීමත්  යුක්ති සහගතව පාලනය කල හැකි ලෙස ලබා දෙන  අධ්‍යාපනය නියම අධ්‍යාපනයයි. එතුළින් පූර්ණ පෞර්ෂයකින් හෙබි මිනිසෙකු බිහිකිරීම අදහස් කළ බව පෙනේ.
අධ්‍යාපනය පැති දෙකකට ක්‍රියාත්මක විය යුතු ක්‍රියාදාමයක් බවත් එය කායික හා මානසික වශයෙන් සමබරව  සංවර්ධනය විය යුතු බව ප්ලේටෝ පෙන්වා දේ. ප්ලේටෝ විසින් පෙන්වා දුන් අධ්‍යාපනයේ  ප්‍රධන අරමුණු තුනකි.
1.   පුද්ගලයාගේ පෞද්ගලික දක්ෂතා හඳුනා ගැනීම.
2.   දැනුම ගවේෂණයට උදව් කිරීම.
3.   සමාජයට අවශ්‍ය ලෙස පුද්ගලයකු සකස් කිරීම.
ප්ලේටෝගේ පැහැදිලි කිරීමට අනුව ළමුන් තුළ මුලින්ම පහල වන හැගීම් වන්නේ වින්දනය, ආශ්වාදය හා වේදනාවයි. එම වින්දනයන් යහපත් ආකාරයට හසුරුවා ගැනීම තුළින්  පූර්ණ පුද්ගල සංවර්ධනයකට මංපෙත් හෙළි කළ හැකි බව පෙන්වා දේ.
තවද මොහුගේ අධ්‍යපන චින්තාවන්ට අනුව අධ්‍යාපනය ව්‍යුහ 03ක් යටතේ විකාශනය වේ. එනම් මූලික අධ්‍යාපනය,ද්විතීක අධ්‍යාපනය හා තෘතීක අධ්‍යාපනය යනුවෙනි.
මූලික අධ්‍යාපනය ලබා දීම කුඩා කාලයේදී ආරම්භ කළ යුතු අතර  ළදරු අවදියේදී මව් පිය සෙනෙහසට අනුගතව නිවසේදී  අධ්‍යාපනය ලැබිය යුතු වේ. එහිදී ප්ලේටෝ පෙන්වා දෙන්නේ ශාරීරික සෞඛ්‍ය, නිවැරදි  යහපත් පුරුදු ඇති කිරීම හා යහපත් ආකල්ප වර්ධනය කිරීම සඳහා  රිද්මයානුකූල ක්‍රීඩා  සෞන්ධර්ය ක්‍රියාකාරකම් පුහුණු කළ යුතුය. තවද මුලික අධ්‍යාපනය ඉතා වැදගත් බවත් එය ගැහැණූ පිරිමි දෙපක්ෂයටම ලබා දිය යුතු බව ප්ලේටෝ පෙන්වා දේ.

ද්විතීයක අධ්‍යාපනය ලබාදීමේදී කිසියම් තේරීමකට යටත්ව  ගණිතය, ජ්‍යාමිතිය, තාරකා විද්‍යාව, තර්ක ශාස්ත්‍රය සහ සංගීතය ඉගැන්වේ. පුද්ගලයාගේ බුද්ධි වර්ධනය සඳහා භාෂා ඥානය  ගණිත ඥානය බෙහෙවින් ඉවහල් වන බව ප්ලේටෝ ප්‍රකාශ කරයි.  ඔහු යෝජනා කර ඇති උසස් අධ්‍යාපන අවධිය අවුරුදු 30-50 වන පාලකයන් සඳහා වූවකි. මෙය යාවජීව අධ්‍යාපනයේ අවශ්‍යතාව කියාපාන්නකි. මෙහිදී භෞතික ලෝකයේ ප්‍රපංචයන් වටහා ගෙන අභෞතික සංසිද්ධීන්  පිළිබඳ අවබෝධයක් ලබා දීම මෙමගින් අපේක්ෂා කළ බව පෙනේ. ප්ලේටෝගේ අධ්‍යාපනික චින්තාවන් තවදුරටති විමසීමේදී පෙනී යන්නනේ සුදුසු පරිණතියන් එළබෙන තුරු අදාල සංකල්ප පමණක්  ශිෂ්‍යාට ලබාදියුතු බවයි. වර්තමාන අධ්‍යාපන රටාවට එය හොඳ ආදර්ශයකි. එතුළින් පෞර්ෂයට හානි වීම වැලැක්වෙන අතරම සංකල්ප නිසි කලට නිසි පරිදි අවබෝධ කරගැනීමේ සක්‍යතාව සිසුන්ට ලැබේ. තවද එය ගැහැණු පිරිමි දෙපක්ෂයටම නිසි කල ලබාදිය යුතු බව ප්ලේටෝ අවධාරණය කර ඇත. තවද ළමුන්ට අධ්‍යාපනය ලබා දීමේදී ඔවුන්ගේ රුචිකත්වයන් හා ප්‍රබෝධයන් භාවිතයට ගත්යුතු බව පෙන්වා දේ. මෙහිදී සංගීතය, නාට්‍ය,රඟපෑම, අනුකරණය, කථාන්දර කී වැනි ශිල්පීය ක්‍රම භාවිතා කළයුතු බව ප්ලේටෝ පෙන්වා දේ. මේ නයින් ගත් කළ ප්ලේටෝගේ අධ්‍යාපන චින්තනය තුළ යම් ප්‍රජාතන්ත්‍ර විරෝධී ලක්ෂණ අන්තර්ගත වුවත් තත් කාලීන සමාජ තත්වයන් අධ්‍යන කිරීමේ දී එම සමාජ රාමුවට ගැලපෙන පරිදි පුද්ගලයා සංවර්ධනය කිරීමටත්, එම සංස්කෘතික රාමුව දිගුකාලයක් පවත්වා ගැනීමත් අපේෂාවෙන් මෙම චින්තාවන් බිහි කළබව පෙනේ. වත්මන් අධ්‍යාපන හා පුද්ගල සංවර්ධනය ගැන විමසීමේදී ප්ලේටෝගේ න්‍යායන් හා චින්තාවන් අද දවසට ගැලපෙන අයුරින් හැඩ ගස්වා ගෙන ඇත. මෙහිදී විෂය මාලාව පොදු වියයුතු බවත්, එය ගැහැණු පිරිමි දෙපක්ෂයටම පොදු විය යුතු බවත් වයසට හා ලැදියාවන්ට අනුරූප වියයුතු බවත් ඔහු විසින් දක්වා ඇත. නිවැරදි පුහුණුවක් හා මගපෙනවිමක් යටතේ පුද්ගලයාට මඟ පෙනවීම තුළින් සමස්ත පුද්ගල සංවර්ධනයක් කරා මෙහෙය වීමට ප්ලේටෝගේ අධ්‍යාපන චින්තනයෙන් මනා පිටුවහලක් ලැබෙන බව මින් පැහැදිළි වේ.

. 1996 දී යුනෙස්කෝව විසින් හදුන්වා දෙන ලද අධ්‍යාපනයට සම්බන්ධ මූලික කුළුණු හතර නම් කර ඉන් එකක් වර්තමාන ශ්‍රී ලංකික සමාජයට ඇති වැදගත්කම සාකච්ඡා කරන්න. ලෝක අධ්‍යාපනය පිළිබඳ නවතම චින්තනය - (LEARNING THE TREASUR WITH IN) එනම් 1996 ජැක්ස් ඩෙලෝ ජ්‍යාත්‍යන්තර කොමිෂන් වාර්තාව දක්වන පරිදි දැනුම ආකල් කුසලතා පුළුල් කර ගිනිමින් අඛණ්ඩව වෙනස් වන සංකීරණ අන්තර් සබඳතා ඇති ලෝකයට හැඩ ගැසීමට හැකියාව ලබා ගැනීම කළ යුත්තේ ස්ථම්භ 4ක් වටා ගොඩ නැගී ඇති ඉගෙනුම් ක්‍රියාවලි සතරක් අනුව බව ඉදිරිපත් කර ඇත. 1. දැනුම ලබා ගැනීමට ඉගෙනුම. 2. ක්‍රියාවේ නිරත වීමට ඉගෙනුම. 3. අන්‍යයන් සමග ජීවත් වීමට ඉගෙනුම. 4. දිවි පැවැත්ම සඳහා ඉගෙනුම. ලෝකය ගෝලීයකරණ ක්‍රියාවලිය හා ලෝක ගම්මානයක් වීම නිසා අධ්‍යාපනය නව මාවතකට පිවිසියේය. මෙහිදී මතුවන දැනුම සංනිවේදනය කිරීම ප්‍රචාරය කිරීම හා ගබඩා කිරීම නිසා අධ්‍යාපන මත අඛණ්ඩව මතු වන දැනුම සම්ප්‍රේශණය කිරීම හා පුද්ගල වර්ධනය හා සමාජීය වර්ධනය සාක්ෂාත් කිරීම බව මූලික කොට ගෙන මෙම වාර්තාව ඉදිරිපත් කර ඇත. ලාංකීය සමාජ සංධර්භය තුළ මෙකී නිර්ණායක කෙතරම් දුරට බල ගැන්වේද යන්න ගැටළු සහගතය. වත්මන් සාමාජ ආර්ථික ප්‍රවණතා විමසීමේදී අධ්‍යාපනයෙහි ඇති ඵලදායී බොහෝ දුරට එක් පාර්ශවයකට පමණක් සීමා වී ඇති බව පෙනේ. එනම් ක්‍රියාවේ නිරතවීමට ඉගෙනීම යන කාරණාව විමසීමේ දී වත්මන් ශ්‍රී ලාංකීය අධ්‍යාපන රටාව තුළ සැමට සමව එම අධ්‍යාපනය තුළින් යහපත් දිවිපැවැත්ම සඳහා පිටුබලයක් ලැබේද යන්න විවාදාපන්නය. අධ්‍යාපනය ලබා දීම තුළින් ජීවත් වීටම සුදුසු ආර්ථික පරිසරයක් ගොඩ නැංවීම මනා පෞරුෂයක් ගොඩනැගීමේ එක් පැති කඩකි. රාජ්‍ය අධ්‍යාපන ක්‍රමවේදයන් මෑතක දී සැලකිය යුතු වෙනසකට ලක්වීම අගය කල යුතු අතර නව ලොවට ගැලපෙන පරිදි විෂය මාලා සංවර්ධන හා අවශ්‍ය පහසුකම් සැපයීම මෙහිලා අදහස් කරන ලදි. නමුත් මෙම ක්‍රමවේදයන් ආරම්භ කිරීම පමණක්ම නොසෑහෙන අතර ඒවා පවත්වාගෙන යාම සඳහා පහසුකම් සැපයීම හා අධීක්ෂණ ක්‍රියා වලිය දුර්වලය අතින් අප තවමත් දුරුවලය . තවද ලාංකීය අධ්‍යාපන රටාව ප්‍රාථමික ශ්‍රේණියේ සිට උපාධිය දක්වා ඉලක්කගතව ක්‍රියාත්මක වුවත් බොහෝවිට සාමාන්‍ය පෙළ කඩඉමදී ඇද හැලෙන සිසු ප්‍රතිශතය විශාලය. එහිදී ඔවුන් නගා සිටුවීමට හෝ වෙනත් පැතිකඩ සඳහා යොමු වීමට නිශ්චිත ක්‍රමවේදයක් නොමැත. බොහෝවිට නියමිත දැක්මක් හෝ ඉලක්කයක් නොමැතිව අධ්‍යාපනය ලබන ග්‍රාමීය තරුණ පරුපුර මෙම අවාසනාවන්ත තත්වයට මුහුණ දී ඇත. මෙයට ඔවුන්ගේ පාරිසරික හා සාමාජීය වටපිටාවත් ආකල්පත් හේතු වී ඇත. බොහෝ තරුණ තරුණියන් තාවකාලික රැකියා සඳහා පිවිසෙන අතර අධ්‍යාපනය නවතා දමයි. අඛණ්ඩ අධ්‍යාපන ක්‍රමවේදයක් නොමැති කමින් නොයෙකු ශ්‍රම සූරාකන්නන්ගේ ගොදුරු බවට පත්වීම ශෝකජනකය. ක්‍රියාවේ නිරතවීමට ඉගෙනීම මගින් යහපත් ආර්ථික සාමාජික ජීවිතයක් ගොඩනගා ගැනීම අපේක්ෂා කෙරේ. මෙහිදී වැඩි අවධානයක් යොමු කරනුයේ වෘත්තීය පුහුණුව ලබා ගැනීම හා වෘත්තීය දක්ෂතා ප්‍රගුණ කිරීමයි. මෙරට ආර්ථිකයට වැඩි විදේශ විනිමයක් සපයා දෙන විදේශගත ශ්‍රමිකයන් බොහෝ දෙනෙක් නිසි පුහුණුවකින් තොරව විදේශගත වූවෝ වෙති. නිසි පුහුණුවක් තුළින් වෘත්තීය දක්ෂතා ඉහල දැමීම හරහා වැඩි ශ්‍රමික ඉල්ලුමක් සපයා ගත හැක. එමගින් ආර්ථික වශයෙන් සංවර්ධනය ඇති කරගත හැකි අතරම රැකියා අවස්ථා සුලභ කළ හැක. තවද මෑතක් වනතුරු විශ්වවිද්‍යාලයට ඇතුළත්වීම පමණක්ම මූලික කරගනිමින් බොහෝ පිරිස් ශ්‍රාස්ත්‍රීය අංශය පමණක් හැදෑරූ අතර එමගින් බිහිවූ උපාධිධාරීන් ගෙන් රටට සිදුවූ සේවාව එක්තරා පැතිකඩකට පමණක් සීමා වූ බව පෙනේ. වත්මන් ලෝකයේ නවතාවයන්ට ගැලපෙන පරිදි ඉගෙනුම් ක්‍රමවේද වෙනස් නොවීම මෙයට හේතුවයි. නිෂ්පාදන ක්‍රියාවලිය අතින් ඉතා දුර්වල මට්ටමක ඇති අප රටේ ආර්ථික ක්‍රියාවලිය නඟා සිටුවීමට දැනුමෙන් හා හැකියාවන්ගෙන් පිරිපුන් වෘත්තිකයන් පිරිසක් අප රටට අත්‍යාවශ්‍ය කර තිබේ. ඒ සඳහා නිසි ක්‍රමවේදයක් හා සුරක්ෂිත දැක්මක් යටතේ අධ්‍යාපන ප්‍රතිපත්ති සංවර්ධනය විය යුතුව ඇත. ඒ සඳහා රාජ්‍ය අංශයේ හා පෞද්ගලික අංශයේ දායකත්වය ලබා ගත යුතුව ඇත. රටක බිහිවන වෘත්තිකයන් එම රටේ දියුණුව හා අනිවාර්‍ය ලෙසම සම්බන්ධ වේ. එම සම්පත් නිසි පරිදි කළමණාකරණය කර ගැනීමද ඉතා වැදගත් වේ. තවද ඒසේ බිහිවන විද්වතුන් බුද්ධිගලනයට ලක්වීමද අප රට මුහුණ දෙන බරපතල ගැටළුවකි. එම තත්වයන් වලක්වා ගනිමින් ක්‍රියාවේ නිරතවීම සඳහා ඉගෙනීමේ ප්‍රතිපත්තිය නිසි ලෙස බලගන්වා යහපත් සමාජයක් බිහිකිරීමට සැමගේ අවධානය යොමු කළ යුතුය.

. 1996 දී යුනෙස්කෝව විසින් හදුන්වා දෙන ලද අධ්‍යාපනයට සම්බන්ධ මූලික කුළුණු හතර නම් කර ඉන් එකක් වර්තමාන ශ්‍රී ලංකික සමාජයට ඇති වැදගත්කම
. 1996 දී යුනෙස්කෝව විසින් හදුන්වා දෙන ලද අධ්‍යාපනයට සම්බන්ධ මූලික කුළුණු හතර නම් කර ඉන් එකක් වර්තමාන ශ්‍රී ලංකික සමාජයට ඇති වැදගත්කම 
ලෝක අධ්‍යාපනය පිළිබඳ නවතම චින්තනය - (LEARNING THE TREASUR WITH IN) එනම් 1996  ජැක්ස් ඩෙලෝ ජ්‍යාත්‍යන්තර කොමිෂන් වාර්තාව දක්වන පරිදි දැනුම ආකල් කුසලතා පුළුල් කර ගිනිමින් අඛණ්ඩව වෙනස් වන සංකීරණ අන්තර් සබඳතා ඇති ලෝකයට හැඩ ගැසීමට හැකියාව ලබා ගැනීම කළ යුත්තේ ස්ථම්භ 4ක් වටා ගොඩ නැගී ඇති  ඉගෙනුම් ක්‍රියාවලි සතරක් අනුව බව  ඉදිරිපත් කර ඇත.
1.   දැනුම ලබා ගැනීමට ඉගෙනුම.
2.   ක්‍රියාවේ නිරත වීමට ඉගෙනුම.
3.   අන්‍යයන් සමග ජීවත් වීමට ඉගෙනුම.
4.   දිවි පැවැත්ම සඳහා ඉගෙනුම.

ලෝකය ගෝලීයකරණ ක්‍රියාවලිය හා ලෝක ගම්මානයක් වීම නිසා අධ්‍යාපනය නව මාවතකට පිවිසියේය. මෙහිදී මතුවන දැනුම  සංනිවේදනය කිරීම ප්‍රචාරය කිරීම හා ගබඩා කිරීම නිසා අධ්‍යාපන මත අඛණ්ඩව මතු වන දැනුම සම්ප්‍රේශණය කිරීම හා පුද්ගල වර්ධනය හා සමාජීය වර්ධනය සාක්ෂාත් කිරීම බව මූලික කොට ගෙන මෙම වාර්තාව ඉදිරිපත් කර ඇත.
         ලාංකීය සමාජ සංධර්භය තුළ මෙකී නිර්ණායක කෙතරම් දුරට බල ගැන්වේද යන්න ගැටළු සහගතය. වත්මන් සාමාජ ආර්ථික ප්‍රවණතා විමසීමේදී  අධ්‍යාපනයෙහි ඇති ඵලදායී බොහෝ දුරට එක් පාර්ශවයකට පමණක් සීමා වී ඇති  බව පෙනේ. එනම් ක්‍රියාවේ නිරතවීමට ඉගෙනීම යන කාරණාව විමසීමේ දී වත්මන් ශ්‍රී ලාංකීය අධ්‍යාපන රටාව තුළ සැමට සමව එම අධ්‍යාපනය තුළින් යහපත් දිවිපැවැත්ම සඳහා පිටුබලයක්   ලැබේද යන්න විවාදාපන්නය.  අධ්‍යාපනය ලබා දීම තුළින් ජීවත් වීටම සුදුසු ආර්ථික පරිසරයක්  ගොඩ නැංවීම මනා පෞරුෂයක් ගොඩනැගීමේ එක් පැති කඩකි. රාජ්‍ය අධ්‍යාපන ක්‍රමවේදයන් මෑතක දී සැලකිය යුතු වෙනසකට ලක්වීම අගය කල යුතු අතර නව ලොවට ගැලපෙන පරිදි විෂය මාලා සංවර්ධන හා අවශ්‍ය පහසුකම් සැපයීම මෙහිලා අදහස් කරන ලදි. නමුත් මෙම ක්‍රමවේදයන් ආරම්භ කිරීම පමණක්ම නොසෑහෙන  අතර ඒවා පවත්වාගෙන යාම සඳහා පහසුකම් සැපයීම හා අධීක්ෂණ ක්‍රියා වලිය දුර්වලය අතින් අප තවමත් දුරුවලය .  තවද ලාංකීය අධ්‍යාපන රටාව ප්‍රාථමික ශ්‍රේණියේ සිට උපාධිය දක්වා ඉලක්කගතව ක්‍රියාත්මක වුවත් බොහෝවිට සාමාන්‍ය පෙළ කඩඉමදී ඇද හැලෙන සිසු ප්‍රතිශතය විශාලය. එහිදී ඔවුන් නගා සිටුවීමට හෝ වෙනත් පැතිකඩ සඳහා යොමු වීමට නිශ්චිත ක්‍රමවේදයක් නොමැත. බොහෝවිට නියමිත දැක්මක් හෝ ඉලක්කයක් නොමැතිව අධ්‍යාපනය ලබන ග්‍රාමීය තරුණ පරුපුර මෙම අවාසනාවන්ත තත්වයට මුහුණ දී ඇත. මෙයට ඔවුන්ගේ පාරිසරික හා සාමාජීය වටපිටාවත් ආකල්පත් හේතු වී ඇත. බොහෝ තරුණ තරුණියන් තාවකාලික රැකියා සඳහා පිවිසෙන අතර අධ්‍යාපනය නවතා දමයි. අඛණ්ඩ අධ්‍යාපන ක්‍රමවේදයක් නොමැති කමින්  නොයෙකු ශ්‍රම සූරාකන්නන්ගේ ගොදුරු බවට පත්වීම ශෝකජනකය. ක්‍රියාවේ නිරතවීමට ඉගෙනීම  මගින් යහපත් ආර්ථික සාමාජික ජීවිතයක් ගොඩනගා ගැනීම අපේක්ෂා කෙරේ.  මෙහිදී වැඩි අවධානයක් යොමු කරනුයේ වෘත්තීය පුහුණුව ලබා ගැනීම හා  වෘත්තීය දක්ෂතා ප්‍රගුණ කිරීමයි. මෙරට ආර්ථිකයට  වැඩි විදේශ විනිමයක් සපයා දෙන විදේශගත ශ්‍රමිකයන් බොහෝ දෙනෙක් නිසි පුහුණුවකින් තොරව විදේශගත වූවෝ වෙති.  නිසි පුහුණුවක් තුළින් වෘත්තීය දක්ෂතා ඉහල දැමීම හරහා වැඩි ශ්‍රමික ඉල්ලුමක් සපයා ගත හැක. එමගින් ආර්ථික වශයෙන් සංවර්ධනය ඇති කරගත හැකි අතරම රැකියා අවස්ථා සුලභ කළ හැක.  තවද මෑතක් වනතුරු විශ්වවිද්‍යාලයට ඇතුළත්වීම පමණක්ම මූලික කරගනිමින් බොහෝ පිරිස් ශ්‍රාස්ත්‍රීය අංශය පමණක් හැදෑරූ අතර එමගින් බිහිවූ උපාධිධාරීන් ගෙන් රටට සිදුවූ සේවාව එක්තරා පැතිකඩකට පමණක් සීමා වූ බව පෙනේ. වත්මන් ලෝකයේ නවතාවයන්ට ගැලපෙන පරිදි ඉගෙනුම් ක්‍රමවේද වෙනස් නොවීම මෙයට හේතුවයි. නිෂ්පාදන ක්‍රියාවලිය අතින් ඉතා දුර්වල මට්ටමක ඇති අප රටේ ආර්ථික ක්‍රියාවලිය නඟා සිටුවීමට දැනුමෙන් හා හැකියාවන්ගෙන් පිරිපුන් වෘත්තිකයන් පිරිසක් අප රටට අත්‍යාවශ්‍ය කර තිබේ.  ඒ සඳහා නිසි ක්‍රමවේදයක් හා සුරක්ෂිත දැක්මක් යටතේ අධ්‍යාපන ප්‍රතිපත්ති සංවර්ධනය විය යුතුව ඇත. ඒ සඳහා රාජ්‍ය අංශයේ හා පෞද්ගලික අංශයේ  දායකත්වය ලබා ගත යුතුව ඇත. රටක බිහිවන වෘත්තිකයන් එම රටේ දියුණුව හා අනිවාර්‍ය ලෙසම සම්බන්ධ වේ. එම සම්පත් නිසි පරිදි කළමණාකරණය කර ගැනීමද ඉතා වැදගත් වේ. තවද ඒසේ බිහිවන විද්වතුන් බුද්ධිගලනයට ලක්වීමද අප රට මුහුණ දෙන බරපතල ගැටළුවකි.

එම තත්වයන් වලක්වා ගනිමින්  ක්‍රියාවේ නිරතවීම සඳහා ඉගෙනීමේ ප්‍රතිපත්තිය නිසි ලෙස බලගන්වා යහපත් සමාජයක් බිහිකිරීමට සැමගේ අවධානය යොමු කළ යුතුය.

අධ්‍යාපනය හා අධ්‍යාපන දර්ශනය

අධ්‍යාපනය හා අධ්‍යාපන දර්ශනය
අධ්‍යාපනය යන සංකල්පය සියවස් ගණනක් තිස්සේ පරිණාමය වෙමින් පැවත එන්නකි. එය කාලයෙන් කාලයට හා සංස්කෘතියෙන් සංස්කෘතියට රටිනි රටට අනම්‍ය වූ ආකාරවලින් පැවත ආ බව පෙනේ. ඒ ඒ කාලීනව හට ගන්නා සමාජීය ආර්ථික විවිධතා පදනම් කරගනිමින් අධ්‍යාපනය ද කලින් කලට විවිධ ස්වරූප ගත් බව පෙනේ. ඒ ඒ සංස්කෘතින් හි හර පද්ධති හා සාම්ප්‍රධායික දැනුම  ඉදිරි පරපුර වෙත දායාද කිරීම මෙම අධ්‍යාපන මඟින් සිදු වූ බව පෙනේ. සෑම ක්ෂණයකම වෙනස් වන ලෝකයේ අධ්‍යාපනයද ඒ හා වේගයකින්ම පරිණාමයට පත් වේ.
“Educare”  යන ලතින් වචනයෙන් බිඳී ආ මෙම “Education” යන්නෙහි නිරුක්ති අර්ථය  ඉවතට ගෙනයාම නැතහොත් පිටතට මතුකර දීමයි. එනම් ශිෂ්‍යාගේ දැනුම, අවබෝධය , විභව්‍යතාවන් පිටතට මතු කර දීමයි. අධ්‍යාපනය යනු හුදු දැනුම පිරවීමක් පමණක් ම නොවන බව මෙයින් වැටහේ. මැක්ස් චින්ගෝ (1974) පවසන්නේ අධ්‍යාපනය යනු ශිෂයාගේ රුවිය අනුව ප්‍රායෝගික අත්දැකීම් ලබා දී දෙවනුව න්‍යායාත්මක කරුණු පැහැදිලි කර දීමයි. ටනේජා (1990) පවසන පරිදි  මිනිසාගේ කායික මානසික, සාමාජීය, සංස්කෘතික, සදාචාරාත්මක, අධ්‍යාත්මික ශක්තීන් නොනවත්වා වර්ධනය කරන  නිත්‍ය ක්‍රියාවලිය අධ්‍යාපනයයි.
අධ්‍යාපනය පිළිබඳ මුල් කාලීන මත අතර ප්ලේටෝ ගේ රිපබ්ලික් කෘතියේ දක්වන අධ්‍යාපනය යනු ඉතා උතුම් හා අලංකාර දෙයකි. තත්කාලීන සමාජ රටාවන්හි යහ පැවැත්මට අධ්‍යාපනය කොතරම් උවමනා වීද යන්න  ප්ලේටෝ විසින් දක්වන ලදි. “ වෛරකල යුතු දේ සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමත්  ආදරයකළ යුතු දේ ආදරයෙන් වැළද ගැනීමට  පුහුණු කිරීම අධ්‍යාපනය නම් වේ“. උපයෝගීතාවාදී දාර්ශණිකයෙකු වූ ජෝන් ඩුවී පවසන ආකාරයට  අධ්‍යාපනය ජීවත්වීමේ ක්‍රියාවලියක් මිස අනාගතය සඳහා සූදානම් වීම නොවන බව පෙන්වා දෙයි. නිශ්ක්‍රීය වූ අධ්‍යාපනයෙන් පලක් නොමැති බවත් අධ්‍යාපනය සැමවිටම සක්‍රීයව පැවතිය යුතු බව ඩුවී පවසයි. ප්‍රකට ඉංග්‍රීසි ජාතික චින්තකයකු වූ බර්ට්‍රන්ඩ් රසල් පවසන්නේ  අධ්‍යාපනය යනු සමාජයට වැඩදායී දැනුමෙන් හා ප්‍රායෝගික කුසලතාවන්ගෙන් පිරි නිර්මාණාත්මක චින්තනයක් හෙබි මිනිසුන් බිහි කිරීමයි. රසල් තවදුරටත් පැහැදිලි කරන්නේ අධ්‍යාපන තුළින් සංස්කෘතික දායාද  පවරා දෙමින් මනා සමාජානුයෝජනයක් කිරීම අධ්‍යාපනය නම් වන බවයි. පෙරදිග දාර්ශනිකයෙකු වූ මහත්මා ගාන්ධි පැවසූ පරිදි  ළමයාගේ අධ්‍යාත්මික, බුද්ධිමය හා  කායික ප්‍රබෝධමත් භාවය ඇති කරන හා විභව්‍යතා මතු කිරීම අධ්‍යාපන නම් වන බවයි. තවදුරටත් දක්වන පරිදි පුද්ගලයාගේ හිස හා අත්පා වල  ගැබ් වූ හැකියාවන් හඳුනාගෙන  ඒවායේ පූර්ණ වර්ධනය ඇති කිරීමයි. මෙසේ ගත්කළ පුද්ගලයාගේ දැනුම ,  කුසලතා  සහ ආකල්ප වර්ධනය, සමබර පෞරුෂ වර්ධනය , චරිත සංවර්ධනය , පුරුවැසි පුහුණුව, ආත්මාවබෝධය, සමාජ සංවර්ධනය,සමාජ සංරක්ෂණය, පුද්ගලයා සමාජානුයෝජනය, දිවිපැවැත්ම සඳහා ඉගෙනීම ආදී කාරණ රැසක් අධ්‍යාපනය මඟින් ගම්‍ය වන බව පැහැදිලි වේ.  
අධ්‍යාපන දර්ශනය සම්බන්ධයෙන් විද්වතුන්ගේ එකමතික අදහසක් නොමැති අතර  ඇතැම් දාර්ශනිකයන් පවසන්නේ අධ්‍යාපන දර්ශනයට පිළිගත හැකි විෂයක්ෂෙත්‍රයක් නොමැති බවත්ය. එය අධ්‍යාපනයේ ඇති ප්‍රශ්න වලට සාමාන්‍ය දර්ශනයේ ඇති කරුණු ඈදා ගැනීමක් බව ආර්.එස් පීටර්ස් පවසයි. ඔහු පවසන ආකාරයට මෙම සහසම්බන්ධය තුළ අංශ හතරක් මතු වන බවයි.
1.   අධ්‍යාපනයට සම්බන්ධ සුවිශේෂී සංකල්ප විග්‍රහ කිරීම.
2.   අධ්‍යාපනයේ අන්තර්ගතය හා ක්‍රමවේදයන් කෙරෙහි ආචාර ධර්ම හා  සමාජ දර්ශනය බලපාන ආකාරය විග්‍රහ කිරීම.
3.   අධ්‍යාපන ක්‍රියාදාම කෙරෙහි  අධ්‍යාපන මනෝ විද්‍යාවේ බලපෑම හා අභි්‍යුපගමනයන්  පරීක්ෂණයට භාජනය කිරීම
4.   විෂය මාලා අන්තර්ගතය හා සංවිධානය සම්බන්ධ දාර්ශනික ගැටළු විග්‍රහ කිරීම.
අධ්‍යාපන ක්‍රියාවලියේ දී මතුවන ගැටළු ප්‍රශ්න අවම කරමින් ඒවාට ප්‍රායෝගික විසදුම් සපයා ගැනීම හා අධ්‍යාපනයට අදාල සංකල්ප හා අදහස් විශ්ලේෂණය කිරීම අධ්‍යාපන දර්ශනයේ  අපේක්ෂාවයි. මෙහිදී අවධානයට ලක්වන ප්‍රධාන ප්‍රශ්න 03 කි.
1.   දැනුම පිළිබද ප්‍රශ්න
2.   ඇගයුම පිළිබද ප්‍රශ්න
3.   ළමයාගේ යථා තත්වය පිළිබද ගැටළු.

පූර්ව නිගමන මත ක්‍රියාත්මක වන අධ්‍යාපනයේ ප්‍රතිපත්ති පිළිබඳ අධ්‍යාපන දර්ශනයෙන් අවධානයට ලක් වේ. ඒ.ඊ රීඩ් නැමති දාර්ශනිකයා දක්වන ආකාරයට  අධ්‍යාපනයේ ප්‍රශ්න විසදීම සඳහා  දාර්ශනික ක්‍රම භාවිතා කිරීම සහ  අදාළ දාර්ශනික චින්තනයට  අධ්‍යාපනයෙහි ඇති සම්බන්ධය  තීරණය කිරීමයි. තවදුරටත් විග්‍රහ කිරීමේ දී අධ්‍යාපන දර්ශනය මගින් සෑම අධ්‍යාපන ක්‍රියා වලියකම  පරමාර්ථ හා අරමුණු තීරණය කිරීම, විෂයමාලා සංවර්ධනය හා වෙනස් කිරීම හා ගැටළු නිරාකරණය, ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රම හා උපාය මාර්ග තීරණය,  ආදී අංශ ගණනාවකට මෙම අධ්‍යාපන දර්ශනයෙන් ලැබෙන පිටුවහල සුවිශාල වේ.

ගුරුවරයෙක් වශයෙන් පියාජේගේ ප්‍රජානන සංවර්ධන න්‍යායේ මූලධර්ම සිසුන්ගේ ප්‍රජානන කුසලතා සංවර්ධනය කිරීමට යොදාගත හැකි ආකාරය උදාහරණ සහිතව පැහැදිලි කරන්න. බුද්ධිය නැතහොත් ප්‍රජානනය ප්‍රධාන අවධි 04ක් ඔස්සේ සංවර්ධනය වන බව ස්විස් ජාතික ජින් පියාජේගේ අදහසයි. එක් එක් වර්ධන අවධි වලදී ලෝකය හා සංකල්ප අවබෝධ කරගන්නා අකාරය පදනම්ව පියාජේගේ ප්‍රජානන සංවර්ධන න්‍යාය ඉදිරිපත් කර ඇත. එහිදි ප්‍රධාන වශයෙන් අවධි 04කට වෙන් කර දක්වා ඇත. එනම් 1. ඉන්ද්‍රියචාලක අවධිය (උපතේ සිට අවුරුදු 02 දක්වා) 2. පූර්ව ක්‍රියාකාරී චින්තන අවධිය ( අවුරුදු 2-7 දක්වා) 3. සංයුක්ත චින්තන අවධිය (අවුරුදු 7-11 දක්වා) 4. වියුක්ත චින්තන අවධිය (අවුරුදු 11 න් පසු) මෙහිදී එක් අවධිවල දී චින්තය ක්‍රියාත්මක වන ආකාරය හා එහි දී මතුවන සුවිශේෂී චර්යා ලක්ෂණ ප්‍රජානන සංවර්ධන න්‍යායෙන් පෙන්වා දී ඇත. ගුරුවරයෙකුට සුවිශේෂී භූමිකාවක් වශයෙන් දැක්වෙන සිසුන් හඳුනා ගැනීමෙහිලා ප්‍රජානන සංවර්ධන න්‍යාය උපකාරීවේ. දරුවකුගේ වර්ධන අවධිය අනුව වර්ග කිරීමේදී ව්‍යුහාත්මක වැඩීම හා කායික මානසික පරිණතිය ඉන්ද්‍රීයචාලක අවධියේදී දක්වා ඇත. සිතීම ආරම්භ කරන මුල් වකවානුව මෙය වන අතර ජීවිතය, ලෝකය, මමත්වය ආදී සංකල්ප ගොඩනගා ගන්නේ මේ අවධියේ දී බව පියාජේ පෙන්වා දේ. මෙහිදී දරුවකුගේ පෞරුෂ වර්ධනයට බලපාන ආදරය, ආරක්ෂාව, අවධානය, බාහිර පරිසරය වැනි බාහිර උත්තේජක නිසි පරිදි ලබා දීමට දැනුවත් වීම වැදගත් වේ. ඉන් පසුව පියාජේ දක්වන්නේ පූර්ව ක්‍රියාකාරී චින්තන අවධියයි. මෙහි දී පූර්ව සංකල්පන අවධිය හා ප්‍රතිභා චින්තන අවධිය යනුවෙන් කොටස් දෙකකින් සමන්විත වේ. මෙය ප්‍රජානන ශක්තීන් සංවර්ධනය වෙමින් ආරාම්භ වන අවධියයි. මෙම කාල වකවානුව අතිශයින් තීරණාත්මක වන අතර ලෝකය පුද්ගයා හා සමාජය පිළිබඳ අත්දැකීම් මගින් ඉගෙන ගන්නටත් එමගින් යම් යම් නිගමනයන්ට එලඹී සංකල්ප ගොඩනගා ගැනීමටත් පෙළඹෙන්නේ මෙම කාලවකවානුවේය. පියාජේ දක්වන ආකාරයට මෙම අවධියේදී දරුවා ඒකමාන චින්තනයට උරුමකම් කියන අතර මෙම කාලයේදී දරුවාගේ පරිණතියට ගැලපෙන පරිදි සමාජය හැසිරීම් සංවිධානය කළ යුතු වේ. මෙම කාල වකවානුවේදී දරුවාගේ චින්තනය නොදියුණු අතර යථා ස්වභාවය පිළිබඳව ඇත්තේ ව්‍යාකූල හැගීමකි.මෙහිදී මෙම වයස් කාණ්ඩවලට අදාලව ඉගැන්වීම කටයුතු කිරීමේ දී එකී සිසුන්ගේ මානසික තතත්වයන් පිළිබඳ මනා අවබෝධයක් හා වැටහීමක් තිබිය යතුය. ඉගෙනුම් ඉගැන්වීම් කාර්ය සම්පාදනයේදී සිසුන්ගේ ප්‍රජානන හැකියාවන්ට අනුරූප වන පරිදි සැලසුම් කල යුතුවේ. මෙහි දී ආදරය, කරුණාව,සෙනෙහස සුවිශේෂී සාධකයක් වන අතර මනා ගුරු සිසු සම්බන්ධ තාවයක් ගොඩ නගා ගැනීමට මෙම අවබෝධය අත්‍යවශ්‍ය වන බැවිනි. දෙවැනි මවක් පියෙක් වැනි ගුරු භූමිකා තුළින් සිසු චින්තන අවධි කරන ප්‍රජානන් කුසලතා ඔප් නංවන පරිදි ඉගෙනුම් සංවිධානය, උපකරණ භාවිතය, පන්ති කාමර අලංකරණය, හා උත්තේජන සැපයීමට මෙම පියාජේගේ ප්‍රජානන න්‍යායෙන මහත් පිටුවහලක් ලැබේ. තවද මෙම චින්තන අවධිය තුළ දී දරුවන්ගේ ප්‍රත්‍යාවර්ථන හැකියාව නොමැති බව පියාජේ පෙන්වා දේ. මෙහි දී සංඛ්‍යා, වෙලාව, ප්‍රමාණය, එකට එක අනුරූපීතාව ආදී සංකල්ප ක්‍රමිකව වර්ධනය වන බව පියාජේ පෙන්වා දේ. මෙකී චින්තන අවධියේ දී ගුරුවරයා වචනයෙන් පමණක් විස්තර නොකොට හැකිතාක් නිවැරදි ශ්‍රව්‍ය දෘෂ්‍ය ආධාරක ඇසුරින් පැහැදිලි කරගත් යුතුය. තවද ගණිතමය සංකල්ප ගොඩ නැගීමේ දී හැකි තාක් ද්‍රව්‍ය සමග ක්‍රියා කරම්න් අවශ්‍ය අවස්ථා සලසා දීම ගුරුවරයෙක්ගේ ප්‍රමුඛ කාර්යභාරය වේ. තවද සිසුන් වෙත දෙ උපදෙස් පැහැදිලිව ලබා දිය යුතු අතර වචන වලින් පමණන් නොව ක්‍රියාවෙන්ම ආදර්ශනය කළ යුතුය. එහිදී ලබා ගන්නා අත්දැකීම් තුළින් ඉගෙන ගනීමට ඉඩ සැලසිය යුතුය. තවද ප්‍රායෝගික ක්‍රියාකාරකම් තුළින් ඉගෙනුම් ක්‍රියාවලිය සැලසුම් කළ යුතුය. පියාජේ දක්වන පරිදි ඊළගට එළඹෙන්නේ සංයුක්ත ක්‍රියාකාරී චින්තන අවධියයි. මෙම අවධිය තුළදී ක්‍රමයෙන් අනුපිළිවෙල පිළිබඳ අදහස් වර්ධනය වීමයි. මෙහිදී තර්කානුකූල හැකියාව, සංරක්ෂණ හැකියාව, වර්ගීකරණය හා අනුපිළවෙල හැකියාවන්ගෙන් පෝෂණය වේ. මෙම ප්‍රජානන මට්ටමේ ඇති සිසුන් හට අධ්‍යාපනය ලබා දීමේදී ශ්‍රව්‍ය දෘශ්‍ය ආධාරක මගින් කරුණු පැහැදිලි කිරීම සිදු කළ යුතුය. විද්‍යාත්මක පර්යේෂණ හා අත්හදා බැලීම තුළින් ඉගෙනීමට අවස්ථාව සැලසිය යුතුය. තවද සංකීරණ අදහස් පැහැදිළි කිරීමේ දී හුරුපුරුදු නිදසුන් යොදා ගැනීමට පෙළඹිය යුතුය. අනතුරුව එළඹෙන්නේ වියුක්ත චින්තන අවධියයි.මෙම අවධියේ දී තමාට මුහුණ දෙන්නට සිදුවන අවස්ථා සම්බන්ධයෙන් විවිධාකාරයේ විග්‍රහයන්ට නතු කිරීමට යෞවනයා සමත් වේ.වඩ සංවිධානාත්මක හා තර්කානුකූලව පදනමක් සහිතව ගැටළු විසඳයි. මෙම අවධිය ආත්ම කේන්ද්‍රීය වන අතර නමුත් පූර්ව චින්තන අවධියට වඩා වෙනස් වේ. මෙකී චින්තන අවධියේ සිටින සිසුන්ට ප්‍රජානන කුසලතා ඉහල දමා ගැනීමට ගැටළු විසදීමේ දී විද්‍යාත්මක තර්කනය යෝදා ගැනීම හා එම ගැටළු විසදන ආකාරය ආවර්ජනය කිරීමට ඉඩ සැලසිය යුතු වේ. කල්පිත ගොඩනැගීමටත් ගැටළු විසදීමට ගවේෂණයට අවශ්‍ය පහසුකම් සැලසිය යුතුය. තවද බුද්ධිය විකසිත වන තර්ක, වාද, විවාද, සංවාද වැනි වැඩසටහන් තුළින් සිසුන්ගේ ප්‍රජානන කුසලතා වැඩි දියුණු කළ හැකිය. පියාජේගේ මෙම ප්‍රජානන න්‍යාය සිසුන්ගේ ප්‍රජානන කුසලතා වර්ධනය කිරීමට යොදා ගත හැකි බව මින් පැහැදිලි වේ.

ගුරුවරයෙක් වශයෙන් පියාජේගේ ප්‍රජානන සංවර්ධන න්‍යායේ මූලධර්ම සිසුන්ගේ ප්‍රජානන කුසලතා සංවර්ධනය කිරීමට යොදාගත හැකි ආකාරය 
බුද්ධිය නැතහොත් ප්‍රජානනය ප්‍රධාන අවධි 04ක්  ඔස්සේ  සංවර්ධනය වන බව  ස්විස් ජාතික ජින් පියාජේගේ  අදහසයි. එක් එක් වර්ධන අවධි වලදී ලෝකය හා සංකල්ප අවබෝධ කරගන්නා අකාරය පදනම්ව පියාජේගේ ප්‍රජානන සංවර්ධන න්‍යාය ඉදිරිපත් කර ඇත. එහිදි ප්‍රධාන වශයෙන් අවධි 04කට වෙන් කර දක්වා ඇත.
එනම්
1.    ඉන්ද්‍රියචාලක අවධිය (උපතේ සිට අවුරුදු 02 දක්වා)
2.    පූර්ව ක්‍රියාකාරී චින්තන අවධිය ( අවුරුදු 2-7 දක්වා)
3.    සංයුක්ත චින්තන අවධිය (අවුරුදු 7-11 දක්වා)
4.    වියුක්ත චින්තන අවධිය (අවුරුදු 11 න් පසු)
මෙහිදී එක් අවධිවල දී චින්තය ක්‍රියාත්මක වන ආකාරය හා එහි දී මතුවන සුවිශේෂී චර්යා ලක්ෂණ ප්‍රජානන සංවර්ධන න්‍යායෙන් පෙන්වා දී ඇත.   ගුරුවරයෙකුට සුවිශේෂී භූමිකාවක් වශයෙන් දැක්වෙන සිසුන් හඳුනා ගැනීමෙහිලා ප්‍රජානන සංවර්ධන න්‍යාය උපකාරීවේ.  දරුවකුගේ වර්ධන අවධිය අනුව වර්ග කිරීමේදී ව්‍යුහාත්මක වැඩීම හා කායික මානසික පරිණතිය ඉන්ද්‍රීයචාලක අවධියේදී දක්වා ඇත. සිතීම ආරම්භ කරන මුල් වකවානුව මෙය වන අතර ජීවිතය, ලෝකය, මමත්වය ආදී සංකල්ප ගොඩනගා ගන්නේ මේ අවධියේ දී බව පියාජේ පෙන්වා දේ.  මෙහිදී දරුවකුගේ පෞරුෂ වර්ධනයට බලපාන ආදරය, ආරක්ෂාව, අවධානය, බාහිර පරිසරය වැනි බාහිර උත්තේජක නිසි පරිදි ලබා දීමට දැනුවත් වීම වැදගත් වේ.
ඉන් පසුව පියාජේ දක්වන්නේ  පූර්ව ක්‍රියාකාරී චින්තන අවධියයි. මෙහි දී  පූර්ව සංකල්පන අවධිය හා ප්‍රතිභා චින්තන අවධිය  යනුවෙන් කොටස් දෙකකින් සමන්විත වේ. මෙය ප්‍රජානන ශක්තීන් සංවර්ධනය වෙමින් ආරාම්භ වන අවධියයි. මෙම කාල වකවානුව අතිශයින් තීරණාත්මක වන අතර  ලෝකය පුද්ගයා හා සමාජය පිළිබඳ අත්දැකීම් මගින් ඉගෙන ගන්නටත් එමගින් යම් යම් නිගමනයන්ට එලඹී සංකල්ප ගොඩනගා ගැනීමටත් පෙළඹෙන්නේ මෙම කාලවකවානුවේය. පියාජේ දක්වන ආකාරයට මෙම අවධියේදී දරුවා ඒකමාන චින්තනයට උරුමකම් කියන අතර  මෙම කාලයේදී දරුවාගේ පරිණතියට ගැලපෙන පරිදි සමාජය හැසිරීම් සංවිධානය කළ යුතු වේ. මෙම කාල වකවානුවේදී දරුවාගේ චින්තනය නොදියුණු අතර  යථා ස්වභාවය පිළිබඳව ඇත්තේ ව්‍යාකූල හැගීමකි.මෙහිදී මෙම වයස් කාණ්ඩවලට අදාලව ඉගැන්වීම කටයුතු කිරීමේ දී එකී සිසුන්ගේ මානසික තතත්වයන් පිළිබඳ මනා අවබෝධයක් හා වැටහීමක් තිබිය යතුය. ඉගෙනුම් ඉගැන්වීම් කාර්ය සම්පාදනයේදී  සිසුන්ගේ ප්‍රජානන හැකියාවන්ට අනුරූප වන පරිදි සැලසුම් කල යුතුවේ. මෙහි දී ආදරය, කරුණාව,සෙනෙහස සුවිශේෂී සාධකයක් වන අතර මනා ගුරු සිසු සම්බන්ධ තාවයක් ගොඩ නගා ගැනීමට මෙම අවබෝධය අත්‍යවශ්‍ය වන බැවිනි. දෙවැනි මවක් පියෙක් වැනි ගුරු භූමිකා තුළින් සිසු චින්තන අවධි කරන ප්‍රජානන් කුසලතා ඔප් නංවන පරිදි ඉගෙනුම් සංවිධානය, උපකරණ භාවිතය, පන්ති කාමර අලංකරණය, හා උත්තේජන සැපයීමට මෙම පියාජේගේ ප්‍රජානන න්‍යායෙන මහත් පිටුවහලක් ලැබේ. තවද මෙම චින්තන අවධිය තුළ දී දරුවන්ගේ ප්‍රත්‍යාවර්ථන  හැකියාව නොමැති බව පියාජේ පෙන්වා දේ. මෙහි දී සංඛ්‍යා, වෙලාව, ප්‍රමාණය, එකට එක අනුරූපීතාව ආදී සංකල්ප ක්‍රමිකව වර්ධනය වන බව පියාජේ පෙන්වා දේ.
                              මෙකී චින්තන අවධියේ දී ගුරුවරයා වචනයෙන් පමණක් විස්තර නොකොට හැකිතාක් නිවැරදි ශ්‍රව්‍ය දෘෂ්‍ය  ආධාරක ඇසුරින්  පැහැදිලි කරගත් යුතුය. තවද ගණිතමය සංකල්ප ගොඩ නැගීමේ දී හැකි තාක්  ද්‍රව්‍ය සමග ක්‍රියා කරම්න් අවශ්‍ය අවස්ථා සලසා දීම ගුරුවරයෙක්ගේ ප්‍රමුඛ කාර්යභාරය වේ. තවද සිසුන් වෙත දෙ උපදෙස් පැහැදිලිව ලබා දිය යුතු අතර  වචන වලින් පමණන් නොව ක්‍රියාවෙන්ම ආදර්ශනය කළ යුතුය. එහිදී ලබා ගන්නා අත්දැකීම් තුළින් ඉගෙන ගනීමට ඉඩ සැලසිය යුතුය. තවද ප්‍රායෝගික ක්‍රියාකාරකම්  තුළින් ඉගෙනුම් ක්‍රියාවලිය සැලසුම් කළ යුතුය.
          පියාජේ දක්වන පරිදි ඊළගට එළඹෙන්නේ  සංයුක්ත ක්‍රියාකාරී චින්තන අවධියයි.  මෙම  අවධිය තුළදී ක්‍රමයෙන් අනුපිළිවෙල පිළිබඳ අදහස්  වර්ධනය වීමයි. මෙහිදී තර්කානුකූල හැකියාව, සංරක්ෂණ හැකියාව, වර්ගීකරණය හා අනුපිළවෙල  හැකියාවන්ගෙන් පෝෂණය වේ. මෙම ප්‍රජානන මට්ටමේ ඇති සිසුන් හට අධ්‍යාපනය ලබා දීමේදී ශ්‍රව්‍ය දෘශ්‍ය ආධාරක මගින් කරුණු පැහැදිලි කිරීම සිදු කළ යුතුය. විද්‍යාත්මක පර්යේෂණ හා අත්හදා බැලීම තුළින් ඉගෙනීමට අවස්ථාව සැලසිය යුතුය. තවද සංකීරණ අදහස් පැහැදිළි කිරීමේ දී හුරුපුරුදු නිදසුන් යොදා ගැනීමට පෙළඹිය යුතුය.

          අනතුරුව එළඹෙන්නේ වියුක්ත  චින්තන අවධියයි.මෙම අවධියේ දී තමාට මුහුණ දෙන්නට සිදුවන අවස්ථා සම්බන්ධයෙන් විවිධාකාරයේ විග්‍රහයන්ට නතු කිරීමට යෞවනයා සමත් වේ.වඩ සංවිධානාත්මක හා  තර්කානුකූලව පදනමක් සහිතව  ගැටළු විසඳයි. මෙම අවධිය ආත්ම කේන්ද්‍රීය වන අතර නමුත් පූර්ව චින්තන අවධියට වඩා වෙනස් වේ. මෙකී චින්තන අවධියේ සිටින සිසුන්ට ප්‍රජානන කුසලතා ඉහල දමා ගැනීමට  ගැටළු විසදීමේ දී විද්‍යාත්මක තර්කනය යෝදා ගැනීම හා  එම ගැටළු  විසදන ආකාරය ආවර්ජනය කිරීමට ඉඩ සැලසිය යුතු වේ. කල්පිත ගොඩනැගීමටත් ගැටළු විසදීමට ගවේෂණයට අවශ්‍ය පහසුකම් සැලසිය යුතුය. තවද බුද්ධිය විකසිත වන තර්ක, වාද, විවාද, සංවාද වැනි වැඩසටහන් තුළින් සිසුන්ගේ ප්‍රජානන කුසලතා වැඩි දියුණු කළ හැකිය. පියාජේගේ මෙම ප්‍රජානන න්‍යාය  සිසුන්ගේ ප්‍රජානන කුසලතා වර්ධනය කිරීමට යොදා ගත හැකි බව මින් පැහැදිලි වේ.