ගුරුවරයෙක්
වශයෙන් පියාජේගේ ප්‍රජානන සංවර්ධන න්‍යායේ මූලධර්ම සිසුන්ගේ ප්‍රජානන කුසලතා
සංවර්ධනය කිරීමට යොදාගත හැකි ආකාරය
බුද්ධිය
නැතහොත් ප්‍රජානනය ප්‍රධාන අවධි 04ක් ඔස්සේ
සංවර්ධනය වන බව ස්විස් ජාතික ජින්
පියාජේගේ අදහසයි. එක් එක් වර්ධන අවධි වලදී
ලෝකය හා සංකල්ප අවබෝධ කරගන්නා අකාරය පදනම්ව පියාජේගේ ප්‍රජානන සංවර්ධන න්‍යාය
ඉදිරිපත් කර ඇත. එහිදි ප්‍රධාන වශයෙන් අවධි 04කට වෙන් කර දක්වා ඇත.
එනම්
1.
ඉන්ද්‍රියචාලක අවධිය
(උපතේ සිට අවුරුදු 02 දක්වා)
2.
පූර්ව ක්‍රියාකාරී
චින්තන අවධිය ( අවුරුදු 2-7 දක්වා)
3.
සංයුක්ත චින්තන අවධිය
(අවුරුදු 7-11 දක්වා)
4.
වියුක්ත චින්තන අවධිය
(අවුරුදු 11 න් පසු)
මෙහිදී එක් අවධිවල දී
චින්තය ක්‍රියාත්මක වන ආකාරය හා එහි දී මතුවන සුවිශේෂී චර්යා ලක්ෂණ ප්‍රජානන
සංවර්ධන න්‍යායෙන් පෙන්වා දී ඇත.
ගුරුවරයෙකුට සුවිශේෂී භූමිකාවක් වශයෙන් දැක්වෙන සිසුන් හඳුනා ගැනීමෙහිලා ප්‍රජානන
සංවර්ධන න්‍යාය උපකාරීවේ. දරුවකුගේ වර්ධන
අවධිය අනුව වර්ග කිරීමේදී ව්‍යුහාත්මක වැඩීම හා කායික මානසික පරිණතිය ඉන්ද්‍රීයචාලක
අවධියේදී දක්වා ඇත. සිතීම ආරම්භ කරන මුල් වකවානුව මෙය වන අතර ජීවිතය, ලෝකය, මමත්වය
ආදී සංකල්ප ගොඩනගා ගන්නේ මේ අවධියේ දී බව පියාජේ පෙන්වා දේ. මෙහිදී දරුවකුගේ පෞරුෂ වර්ධනයට බලපාන ආදරය, ආරක්ෂාව,
අවධානය, බාහිර පරිසරය වැනි බාහිර උත්තේජක නිසි පරිදි ලබා දීමට දැනුවත් වීම වැදගත්
වේ.
ඉන් පසුව පියාජේ
දක්වන්නේ පූර්ව ක්‍රියාකාරී චින්තන
අවධියයි. මෙහි දී පූර්ව සංකල්පන අවධිය හා
ප්‍රතිභා චින්තන අවධිය යනුවෙන් කොටස්
දෙකකින් සමන්විත වේ. මෙය ප්‍රජානන ශක්තීන් සංවර්ධනය වෙමින් ආරාම්භ වන අවධියයි. මෙම
කාල වකවානුව අතිශයින් තීරණාත්මක වන අතර
ලෝකය පුද්ගයා හා සමාජය පිළිබඳ අත්දැකීම් මගින් ඉගෙන ගන්නටත් එමගින් යම් යම්
නිගමනයන්ට එලඹී සංකල්ප ගොඩනගා ගැනීමටත් පෙළඹෙන්නේ මෙම කාලවකවානුවේය. පියාජේ දක්වන
ආකාරයට මෙම අවධියේදී දරුවා ඒකමාන චින්තනයට උරුමකම් කියන අතර මෙම කාලයේදී දරුවාගේ පරිණතියට ගැලපෙන පරිදි
සමාජය හැසිරීම් සංවිධානය කළ යුතු වේ. මෙම කාල වකවානුවේදී දරුවාගේ චින්තනය නොදියුණු
අතර යථා ස්වභාවය පිළිබඳව ඇත්තේ ව්‍යාකූල
හැගීමකි.මෙහිදී මෙම වයස් කාණ්ඩවලට අදාලව ඉගැන්වීම කටයුතු කිරීමේ දී එකී සිසුන්ගේ
මානසික තතත්වයන් පිළිබඳ මනා අවබෝධයක් හා වැටහීමක් තිබිය යතුය. ඉගෙනුම් ඉගැන්වීම්
කාර්ය සම්පාදනයේදී සිසුන්ගේ ප්‍රජානන
හැකියාවන්ට අනුරූප වන පරිදි සැලසුම් කල යුතුවේ. මෙහි දී ආදරය, කරුණාව,සෙනෙහස
සුවිශේෂී සාධකයක් වන අතර මනා ගුරු සිසු සම්බන්ධ තාවයක් ගොඩ නගා ගැනීමට මෙම අවබෝධය
අත්‍යවශ්‍ය වන බැවිනි. දෙවැනි මවක් පියෙක් වැනි ගුරු භූමිකා තුළින් සිසු චින්තන
අවධි කරන ප්‍රජානන් කුසලතා ඔප් නංවන පරිදි ඉගෙනුම් සංවිධානය, උපකරණ භාවිතය, පන්ති
කාමර අලංකරණය, හා උත්තේජන සැපයීමට මෙම පියාජේගේ ප්‍රජානන න්‍යායෙන මහත් පිටුවහලක්
ලැබේ. තවද මෙම චින්තන අවධිය තුළ දී දරුවන්ගේ ප්‍රත්‍යාවර්ථන හැකියාව නොමැති බව පියාජේ පෙන්වා දේ. මෙහි දී
සංඛ්‍යා, වෙලාව, ප්‍රමාණය, එකට එක අනුරූපීතාව ආදී සංකල්ප ක්‍රමිකව වර්ධනය වන
බව පියාජේ පෙන්වා දේ.
මෙකී චින්තන අවධියේ
දී ගුරුවරයා වචනයෙන් පමණක් විස්තර නොකොට හැකිතාක් නිවැරදි ශ්‍රව්‍ය දෘෂ්‍ය ආධාරක ඇසුරින්
පැහැදිලි කරගත් යුතුය. තවද ගණිතමය සංකල්ප ගොඩ නැගීමේ දී හැකි තාක් ද්‍රව්‍ය සමග ක්‍රියා කරම්න් අවශ්‍ය
අවස්ථා සලසා දීම ගුරුවරයෙක්ගේ ප්‍රමුඛ කාර්යභාරය වේ. තවද සිසුන් වෙත දෙ
උපදෙස් පැහැදිලිව ලබා දිය යුතු අතර වචන
වලින් පමණන් නොව ක්‍රියාවෙන්ම ආදර්ශනය කළ යුතුය. එහිදී ලබා ගන්නා අත්දැකීම්
තුළින් ඉගෙන ගනීමට ඉඩ සැලසිය යුතුය. තවද ප්‍රායෝගික ක්‍රියාකාරකම් තුළින් ඉගෙනුම් ක්‍රියාවලිය සැලසුම් කළ යුතුය.
පියාජේ දක්වන පරිදි ඊළගට එළඹෙන්නේ සංයුක්ත ක්‍රියාකාරී චින්තන අවධියයි. මෙම
අවධිය තුළදී ක්‍රමයෙන් අනුපිළිවෙල පිළිබඳ අදහස් වර්ධනය වීමයි. මෙහිදී තර්කානුකූල හැකියාව,
සංරක්ෂණ හැකියාව, වර්ගීකරණය හා අනුපිළවෙල හැකියාවන්ගෙන් පෝෂණය වේ. මෙම ප්‍රජානන මට්ටමේ
ඇති සිසුන් හට අධ්‍යාපනය ලබා දීමේදී ශ්‍රව්‍ය දෘශ්‍ය ආධාරක මගින් කරුණු
පැහැදිලි කිරීම සිදු කළ යුතුය. විද්‍යාත්මක පර්යේෂණ හා අත්හදා බැලීම තුළින්
ඉගෙනීමට අවස්ථාව සැලසිය යුතුය. තවද සංකීරණ අදහස් පැහැදිළි කිරීමේ
දී හුරුපුරුදු නිදසුන් යොදා ගැනීමට පෙළඹිය යුතුය.
අනතුරුව එළඹෙන්නේ වියුක්ත චින්තන අවධියයි.මෙම අවධියේ දී තමාට මුහුණ
දෙන්නට සිදුවන අවස්ථා සම්බන්ධයෙන් විවිධාකාරයේ විග්‍රහයන්ට නතු කිරීමට යෞවනයා සමත්
වේ.වඩ සංවිධානාත්මක හා තර්කානුකූලව පදනමක්
සහිතව ගැටළු විසඳයි. මෙම අවධිය ආත්ම
කේන්ද්‍රීය වන අතර නමුත් පූර්ව චින්තන අවධියට වඩා වෙනස් වේ. මෙකී චින්තන අවධියේ
සිටින සිසුන්ට ප්‍රජානන කුසලතා ඉහල දමා ගැනීමට
ගැටළු විසදීමේ දී විද්‍යාත්මක තර්කනය යෝදා ගැනීම හා එම ගැටළු
විසදන ආකාරය ආවර්ජනය කිරීමට ඉඩ සැලසිය යුතු වේ. කල්පිත ගොඩනැගීමටත් ගැටළු
විසදීමට ගවේෂණයට අවශ්‍ය පහසුකම් සැලසිය යුතුය. තවද බුද්ධිය විකසිත වන තර්ක, වාද,
විවාද, සංවාද වැනි වැඩසටහන් තුළින් සිසුන්ගේ ප්‍රජානන කුසලතා වැඩි දියුණු කළ
හැකිය. පියාජේගේ මෙම ප්‍රජානන න්‍යාය සිසුන්ගේ ප්‍රජානන කුසලතා වර්ධනය කිරීමට යොදා ගත
හැකි බව මින් පැහැදිලි වේ.
No comments:
Post a Comment