02) i
ළමා සංවර්ධනයට අදාළව “වැඩීම“ “සංවර්ධනය“සහ
සමස්ථ සංවර්ධනය
කලලයක් මව්
කුසක පිළිසිඳ ගත්අවස්ථාවේ පටන් ආරම්භවන “වැඩීම“
බාහිර සාධක හා අභ්‍යන්තර සාධක රාශියක බලපෑමට ලක්වේ. පූර්ව ප්‍රසව අවධිය ලෙස
හඳුන්වන මෙම අවධිය තුළදී ගර්භාෂය මගින් පෝෂණය වන දරුවාගේ ග්‍රන්ථි, ස්නායු පද්ධති, අස්ථි පද්ධති ක්‍රමයෙන්
නිර්මාණය වේ. තවද රුධිරය,ආමාශය,පෙනහළු, අක්මාව, මොළය වැනි සියුම් ඉන්ද්‍රිය
පද්ධතීන් ක්‍රමයෙන් නිර්මාණය වේ. වත්මන් වෛද්‍ය නිගමනයන්ට අනුව ගර්භාෂයේ දී සිදුවන
වර්ධනය සුවිශේෂී වන අතර එම කාලය තුළ මව ජීවත්වන පරිසරය හා ඇයගේ චිත්තාවේගයන්
ළදරුවාගේ වර්ධනය කෙරෙහි සෘජු බලපෑමක් ඇති කරයි. තවද ළදරුවාගේ බිහිවීමත් සමග මවගේ
මෙතෙක් මවගේ ශරීරය හා තිබූ යැපුම් මාර්ගය ඉවත්කර
මවගෙන් කිරි උරා බී වර්ධනය වේ. උපතේ සිට මාස 6ක් දක්වා මව්කිරි පමණක්දීම
වඩාත් සුදුසු ලෙස සැලකේ. ඒ වන විට දරුවාගේ උපත් බර මෙන් දෙගුණයක් ප්‍රමාණයට බර
වර්ධනය වේ. ඊට සමගාමීව ඉන්ද්‍රිය වර්ධනය සීග්‍රව සිදුවේ. ක්‍රමයෙන් බර ආහාර සඳහා
හුරුවන දරුවා අවුරුද්දක් පමණ වන විට පවුලේ
පොදු ආහාර ක්‍රමයන්ට හැඩ ගැසේ. මිනිස් ජීවියාගේ මෙම ප්‍රමාණාත්මක වැඩීම සෑම අයෙකුටම සමාන්තරව ගලා
නොයන අතර නියමිත ළදරු වයස් බර ඇති හා අඩු බරට අවදානම්, අඩුබර, උග්‍ර අඩුබර
ආදී විවිධ වැඩීම් මට්ටම් වල දරුවන්
දක්නට ලැබේ. මෙම වර්ධනය සෘජුවම දරුවාගේ ප්‍රජානන අංශය කෙරෙහි බලපාන බව වෛද්‍ය
මතයයි.
වැඩීම හා
සංවර්ධනය දෙකක් නොව වැඩීමෙම දිගුවකි. ක්‍රමයෙන් වැඩෙන ළදරුවා ඔහුගේ ව්‍යුහාත්මක
වෙනස්කම් හේතු කොටගෙන සංකීර්ණ වූ ක්‍රියාකාරකම්
වලට හැකියාව ලබයි. එය සංවර්ධනය වේ. උපතේ සිට අවුරුදු 5 දක්වා වැඩීම් හා සංවර්ධන
අපේෂිත පියවර බොහොමයක් දැකිය හැකි වේ. මුනින් අතට වැතිර සිටින ළදරුවා හිස එසවීමේ සිට ඇවිදීමේ හැකියාව ලබන්නේද කඳ,කර එසවීම,වාඩිවීම, නැගිටීම ආදී ක්‍රියාකාරකම්
රැසෙක අවසන් ප්‍රතිඵලයක් වශයෙනි. මෙය වර්ධනයේ පමණක් නොව ළදරුවාලේ චාලක
හැකියාවන්ගේ සංකීර්ණ වැඩී යාමේ ප්‍රතිඵලයකි.
එය වනාහි සංවර්ධනයයි. වැඩීම ප්‍රමාණාත්මක වන අතර සංවර්ධනය ගුණාතමක වර්ධනයක් ලෙස හැදින්විය
හැක. සංවර්ධනය වැඩීමෙම් එක්තරා දිගුවක් වන අතර එය බාහිර හා අභ්‍යන්තර හේතු
සංකලනයෙන් සිදුවන ගුණාත්මක සංකීරණ හැකියා දියුණුවීමේ ප්‍රතිඵලයකි. සංවර්ධනය
අහම්බයකින් හෝ අක්‍රමිකව සිදු නොවන අතර
එක් අදියරක සිටි අනික් අදියරේදී සුවශේෂීතා දක්නට හැකිය. ළමයාගේ සංවර්ධන උදෙසා
බාහිර උත්තේජක මගින් දිරි ගැන්විය යුතුය. එසේම පරිසර සාධක මනා ලෙස හැසිරවීම මගින්
ළදරුවාගේ සංවර්ධනයට ක්‍රමානුකූලව මග පෙන්විය හැක. වැඩීමේ දී ලබන චාලක
හැකියාවන්ගෙන් සංවර්ධනයෙදී ලබන නොයෙකුත් අංශ වලට අදාල පරිණතියන්ගෙන් එනම් දැනුම
බුද්ධිය පදනම් වූ ප්‍රජානන අංශයෙන්, හැඟිම් පාලනය කර ගැනීමට අදාල
චිත්තවේගී අංශයෙන්, යහපත් පැවතුම්වලට අදාල සමාජමය සහ සදාචාරාත්මක
අංශයෙන්ද පූර්ණත්වයට දරුවා පත්වීම පූර්ණ
සංවර්ධනයට නොහොත් සමස්ථ සංවර්ධනය ලෙස හඳුන්වා දිය හැක.
Ii
ළමයකුගේ වැඩීම සහ සංවර්ධනය
අතර සම්බන්ධතාව සුදුසු උදාහරණ ඇසුරින්
සාකච්ජා කරන්න.
මිනිස්
දරුවකුගේ උපත ඉතා සුවිශේෂී වූවක් වන අතර එය අනෙකුත් සත්ත්ව වර්ගයට සාපේක්ෂව වෙනස්
වන්නේ වැඩිහිටි මිනිසෙකු සතු හැකියාවන්
නිසාවෙනි. එම හැසිරීම් හා හැකියාවන් ඉතා සංකීර්ණ වන්නේ එකවර නොවේ. එය ක්‍රමානුකූල
වූ වර්ධනයක ප්‍රතිඵලයකි. වර්ධනය නොහොත් වැඩීම සියලු මනු සතුන්ට සමාන නොවන අතර එය
පොදුවේ යම් කාල පාරාසයක් තුළ සිදුවේ. ළමයකුගේ වැඩීම ඔහුගේ සංවර්ධනයේ මූලික
කැඩපතක්. ව්‍යුහාත්මක වශයෙන් වැඩීම සෘජුවම සංවර්ධනයට බලපෑම් කරයි. ඉන්ද්‍රිය
ව්ර්ධනයේ දී දුබලතා ඇති වූ විට එය
ළදරුවාගේ සංවර්ධනයට ප්‍රබල බලපෑමක් ඇති කරයි. දරුවකුගේ ඇස් පෙනීමේ
දුරුවලතාවයක් ඇති වූ විට එය ඔහුගේ සමස්ථ පෞරුෂ වර්ධනයට හානි දායක වේ. දැකීම
නොමැති වූ විට චින්තනයට නොහොත් ප්‍රජානනයට
අත්‍යාවශ්‍ය සංකල්ප ගොඩනොනැගෙන අතර එමගින් පුද්ගල සංවර්ධනයට බාධා පැමිණේ.
තවද කන් ඇසීම
දුබල වූ විට කථනය දුෂ්කර වන අතර වචන වාක්‍ය ගොඩනැගීමට නොහැකි වේ. මෙකී
වර්ධන දුබලතා දැකිය හැකි බහුලව අඩු වයස් විවාහ වලින් හටගත් දරුවන්ගේ දැකිය හැක.
බොහෝවිට ශරීර වර්ධනය හීන වන අතර බුද්ධිය, මතක තබා ගැනීමේ හැකියාවන්ද දුර්වලය.
වඩාත් අවදානම් තත්වයන්ට පත් වන මෙවන් දරුවන්ගේ දෙමව්පියන් ඔවුන්ව හැර දා ගොස් ඇති
අවස්ථා බොහොමයකි. එහිදී මව් පිය සෙනෙහස නොලැබී යාම නිසා බොහෝ විට ශාරීරික හා
මානසික වශයෙන් පීඩා වලට භාජනය වේ. මෙවැනි දරුවන්ගේ පූර්ණ සංවර්ධනය ළගාකරගැනීම
ඉතාමත් දුෂ්කර කර්තව්‍යකි.
තවද වර්ධනයේ
සමාන කම් ඇති දරුවන් අතරේද ප්‍රජානන
හැකියාවෙන් හා සෞන්ධර්යාත්මක හැකියාවන්ගෙන් අනූන දරුවන් දැකිය හැක. බොහෝ
විට මෙම තත්වයන්ට හේතු වන්නේ ආරමය හා පරිසරමය සාධකයි. වර්ධනයට සාපේක්ෂව ඔවුන්ට
ලැබෙන ප්‍රතිජනනාත්මක ඇගයීම් හා ඔවුන් වටා ඇති පරිසරමය සාධක නිසි ලෙස හැසිරවීමද
එයට හේතු වන වා ඇත. මෙමගින් පෙනී යන කරුණ නම් වැඩීම සහ සංවර්ධනය අන්‍යොන්‍ය පත්‍රිබද්ධිතව
සාපේක්ෂ වූ දෙයක් බවයි.
ස්තුතියි..
ReplyDelete