Saturday, February 27, 2016

“පරිණතිය“ සූදානම“ හා “ඉගෙනුම“ අතර පවතින සම්බන්ධතාව

“පරිණතිය“ සූදානම“ හා “ඉගෙනුම“ අතර පවතින සම්බන්ධතාව 
මිනිස් ලොව උපත ලද ජීවියකුගේ  ව්‍යුහාත්මක වශයෙන් ඇති වන්නා වූ අභ්‍යන්තර ඉන්ද්‍රිය වැඩීම හා සම්බන්ධ ක්‍රියාවලිය පරිණතිය යනුවෙන් හදුන්වාදිය හැක. බිළිදෙකුගේ  ස්නායු පද්ධතියේ හා  මාංශපේෂීවල සිදුවන වෙනස්වීම් අනුව දරුවා ක්‍රමයෙන් ඝන ආහාර පරිභෝජනයටත්  හුරුවීමත් සමග ඇතිවන  නව ක්‍රියාකාරීත්වයක් ඇතිවන අතර මෙය පරිණතිය නමින් හඳුන්වනු ගැබේ.  මෙම පරිණත වීමේ ක්‍රියාවලියේ දී එනම් දරුවා ක්‍රමයෙන් මේරීමේ දරුවාගේ ඉදිරි චාලන කුසලතා වලට අවශ්‍ය පසුබිම ඇති වේ. මෙය ක්‍රමානුකූල සිදුවන ක්‍රියාවලියක් වන අතර එක විටම ඇතිවන තත්වයක් නොවේ.
                                        පුද්ගල සංවර්ධනයේදී පරිණතිය, සූදානම, ඉගෙනුම යන කාරණා අන්‍යොන්‍ය වශයෙන් ප්‍රතිබද්ධිත වේ. මෙහිදී ඉගෙනුම් සඳහා අවශ්‍ය මූලික කායික ව්‍යුහාත්මක වර්ධනය පරිණතිය තුළින් පෙන්වා දී ඇත. ළදරු අවධියේ දී ඇති වන කායික  වර්ධනය නිසා ඇති වන හැකියාවන් ඉගෙනීමකින් තොරව අත්කර ගන්නා හැකියාවන් ය. එනම් ළදරුවාගේ දත් මෝදුවන වන විට කටට හසුවන දේ විකීම සුදුසු වයසේදී ඇවිදීමට පුරුදු වීම ආදී කාරණා වේ. ළදරු අවධියේ දී විශේෂ පුහුණු වීමකින් තොරව ඉගෙනීමකින් තොරව නව ලක්ෂණ හා ක්‍රියාකාරීත්වයන් මතු වේ. මෙහිදී අවශ්‍ය කායික ව්‍යුහ පරිණත භාවයට පත්වූ පසු කතා කිරීම ආරම්භ කිරීම ද පරිණතියේ එක් පැතිකඩකි.   නමුත් මෙම ඇවිදීම, කතා කිරීම ආදී ක්‍රියා පූර්ණ සංවර්ධිත තත්වයකට ගෙන ඒමට යම් කිසි ඉගෙනීමක් අත්‍යාවශ්‍ය වේ. නමුත් බිළිඳු වියේදී සිදුවන මෙහි මූලික අඩිතාලම වැටෙන්නේ පරිණතිය තුළිනි.  ගෙසල් සහ තොම්සන්  පෙන්වා දෙන පරිදි කුඩා අවධියේ දී ඇතිවන සරළ චාලක ක්‍රියා පුහුණුවක් හෝ ඉගෙනීමක් නිසා නොව එය පරිණතිය නිසා සිදුවන්නක් බවයි. මෙම කරුණ ඩබ්ලිව් ඩෙනිස්ගේ(1940) පරීක්ෂණයකින් සනාථ කර ඇත. ඔහු මෙම පරියේෂණයට භාජනය කර ඇත්තේ ඇරිකාවේ හෝපි ඉන්දියානු දරුවන්ය. ඔවුන්ගේ පිළිගත් සම්ප්‍රදායට අන්ව දරුවාගේ උප්පත්තියෙන් මාස තුනක් යන තුරු  එක්තරා තොටිලි වර්ගයක් වන ලී කැබැල්ලක ඔතා තබයි. එම කාලය තුළ දරුවාට තම හිස පමණක් සෙලවිය හැකි වේ. වෙනත් ශාරීරික ක්‍රියාකාරකම් සඳහා අවස්ථාවක් නොදේ. සාමාන්‍ය දරුවන්ට වඩා මාස දෙකක් පමණ ප්‍රමාදවී ඇවිදීමට හුරුවූ මුත් තොටිල්ලේ බැඳ මූලික අභ්‍යාස වල නියැලීමට නොහැකි වූ දරුවාත් අනෙක් දරුවාත් අතර සැලකියයුතු වෙනසක් විද්‍යමාන නොවීය.මෙයින් පෙනී යන්නේ  පයින් ඇවිදීම වැනි කාර්යන් වලට  පුහුණු වීම් සහ අත්දැකීම් වලට වඩා පරිණතිය වැදගත් බවයි.
ළදරුවෙකුගේ කායික ක්‍රියාකාරීත්වය හා මානසික ක්‍රියා කාරීත්වය කෙරෙහි පරිණතිය බලපාන අතර මෙම පරිණතිය යනු ඉගෙනීමට සූදානම යනුවෙන්ද මනෝ විද්‍යාඥයෝ හදුන්වා දෙති. ඉගෙනීම් ක්‍රියාවලියට ක්‍රමයෙන් සම්බන්ධ වන  දරුවා සාය කැමැත්තෙන් යම් දෙයක් ඉගෙනීමට  ඉදිරිපත් වන්නේ නම් ඔහු එම දැනුම ලබා ගැනීමට සුදුසු පරිණත භාවයකට පත්ව ඇති බවට නිගමනය කළ හැක. මෙම ඉගැනීමට අවශ්‍ය පරිණතියට පත් දරුවාට ඉගෙනුම් අවස්ථා සම්පාදනය කිරීම පිළිබද අවධානය යොමු කළ යුතු අතර ඔහුට හෝ ඇයට පරිසරය සකසා දිය යුතු වේ. මෙහිලා සූදානම යන සංකල්පය වඩාත් අවධානයට යොමු වන්නේ නිසි පරිදි කායික මානසික පරිණතියට ලක් නොවූ වයස් කාණ්ඩවල දරුවන් වෙත ඉගෙනුම සම්පාදනය කිරීමට යාමේ දී ඇති වන ප්‍රතිඵල දෙස බලන විටය. නිසි පරිණතියක් නොමැති දරුවන්ට කියවීම, ලිවීම, ගණිත සංකල්ප වැනි දෑ ඉගැන්වීමට උත්සහ කිරීමෙන් අසතුටු දායක ප්‍රතිඵල ඇතිවිය හැක. එවාට දරුවාගේ චර්යා සංවර්ධනය නොවන අතර ඉගෙනීම කෙරෙහි දක්වන උනන්දුවද අඩු වී යා හැක.  ඇතැම් ළමුන්ට පරිණතිය සම්පූර්ණ වී තිබුනද අවශ්‍ය පරිසරය නොලැබීයාම තුළින්ද ඉගෙනුම් කාර්ය අසාර්ථක විය හැකි අතර ඌන වර්ධිත තත්වයක් ඇති විය හැක. ඩබ්ලිව්.ඩෙනිස්ගේ පරියේෂණයකින් අනාවරණය වූ පරිදි පරිසියාවේ අනාථ නිවාසයක සිටි ළමුන්ගේ සංවර්ධනය බාල වීමට හේතුව ඔවුන් ජීවත් වූ පරිසරයේ දුර්වලතාවයන් බවත් පෙන්වා දී ඇත.

ඉගෙනුම් කාර්යයෙහිලා ළමයාගේ සමාජ සංවර්ධනය ද අතිශය වැදගත් වූවක් ලෙස පෙන්වා දී ඇති අතර එය පරිණතිය සමගම ඇති වන්නකි. මෙහිදී ළදරුවාගේ ක්‍රමික වර්ධනයත් සමග සමාජ පරිසරයක් තුළ ඉගෙනුමට සම්බන්ධ වනවා සේම සමාජ අන්තර්ක්‍රියා කරමින් සමාජය සමග ද සබදතා ඇති කර ගනී. එහිදී අන්‍යොන්‍ය අදහස් හුවමාරුව සහයෝගයෙන් කටයුතු කිරීම, පිළිබඳ අවබෝධ කර ගනී. සෙල්ලම් කිරීමේ දී තනිව සෙල්ලම් කළ ළමයා සමූහය සමග ගැටෙන විට ආත්ම කේන්ද්‍රීය ගති ලක්ෂණ පසෙක ලා  කටයුතු කරයි. අවශ්‍ය පරිණතියෙන් බොහෝ කල් ගතවූ පසු  ලබා ගන්නා ඉගෙනීම සාර්ථක වන්නේ නැත. එබැවින් නිසි සූදානම ඇති වූ විට අවශ්‍ය පරිසරය හා උත්තේජක නිසි පරිදි භාවිතා කරමින් ඉගෙනුම් ක්‍රියාවලිය සිදුකරන විට වේගවත් සංවර්ධනයකට අවශ්‍ය පදනම ගොඩනැගේ.

No comments:

Post a Comment