Thursday, November 10, 2011

බටහිර දර්ශනයෙහි අනුභූතිවාදී ප්ර්වණතා

බටහිර දර්ශනයෙහි අනුභූතිවාදී ප්ර්වණතා අදියර දෙකක් යටතේ ඉදිරිපත් වේ. එනම් මධ්්‍ය කාලීන යුගයට පෙර බටහිර අනුභූතික සිද්ධාන්ත හා නුතන බටහිර දර්ශනයෙහි අනුභූතිවාදී ප්රදවණතා වශයෙනි. පැරණි බටහිර දර්ශනයෙහි අනුභූතිවාදී ඉගැන්වීම් ආරම්භ වන්නේ දාර්ශනික සිද්ධාන්ත භෞතිකවාදී ස්වරෑපයෙන් ඉදිරිපත් වීමත් සමගය. ලොකයේ ආරම්භය පිළිබදව භෞතිකවාදී අදහස් පළමුවරට මෛලේසියානු ගුරැකුලයේ චින්තකයන් විසින් ඉදිරිපත් කොට ඇත. වායුව ජලය ගින්න විශ්වයේ මූලධර්ම ලේස හදුන්වා ඇත.ඉන්පසු බිහිවූ විවිධ ගුරැ කුළ ඉදිරිපත් කළ බොහොවිට භෞතිකවාදී පදනමක් පෙන්නුම් කරයි.සොක්රතටීසියානු ගුරුකුලය, පරමාණුවාද ගුරුකුලය හෙරක්ලයිටස් , ඩිමොක්ක්රීියස් වැනි චින්තකයන්ද භෞතිකවාදී පදනමකින් සිය අදහස් ඉදිරිපත් කළහ.මේ සියලු අවස්තාවලදී කැපී පෙනෙන මූලික ලක්ෂණයනම් සියලු කරැණු ආනුභූතික කරැණු වලින් සමන්විත වීමයි.මධ්යල කාලීන බයහිර දර්ශනය ඇරඹීමත් සමග මෙම භෞතිකවාදී ප්රභවණතා යටපත් වූ අතර දේවදර්මය ස්මතුවිය. මෙම මධ්යදකාලීන අදුරු යුගය ක්රාමක්රිමයෙන් 15 සියවසේ සිට ක්ෂය වී යාමත් සමග නූතන බටහිර දර්ශනයට නව ප්රතවණතා රැසැක් ඉදිරිපත්විය. ඒ අතරින් බුද්ධිවාදය සහ අනුභූතිවාදය කැපී පෙනේ. ප්රටකට අනූභූතිවාදී චින්තකයන් ලෙස ජොන් ලොග් , ජෝර්ජ් බාක්ලේ , ඩේවිඩි හියුම් හදුනාගත හැකිය.
මෑතකාලීන බටහිර දර්ශනයේ අනුභූතිවාදී ප්රනවණතා ඇතිවීම කෙරෙහි බලපෑ කරුනු කිහිපයකි.
01. බුද්ධි වාදී චින්තකයන්ගේ සහජ සංකල්පවාදයට එරෙහි වීම.
02. ප්ර්න්සිස් බේකන් වැනි නිදහස් චින්තකයන්ගේ විද්යාුත්මක චින්තනය, පාරභෟතික සිද්ධාන්ත ප්රවතික්ෂෙප කිරීම.
03. මධ්ය‍කාලීන දේවවාදී මුලධර්ම විවෙචනය කිරීම.

මෙම පසුබිම යටතේ 16වන සියවස අගභාගය වන විට අනුභූතිවාදය පිළිබද නව ප්ර‍වණතා අපරදිග දර්ශනයේ බිහිවිය.යම් ප්ර මානයකට සාර්තක අනුභූතිවාදී දර්ශනයක් මුලින්ම ඉදිරිපත් කරනු ලැබුවේ ජෝන්ලොග් විසිනි. ඔහුගේ දර්හනයේහි සමස්ත ඉගැන්වීම අදියර කිහිපයක් යටතේ දැක්විය හැක.
01. සහජයෙන්ම පවතී යන සංකල්ප ප්රහතික්ෂෙප කිරීම.
02. කුඩාදරුවෙක් ඉපදෙනවිට ඔහුගේ මනස අනුභූතිවලින් තොර පිරිසුදු පුවරැවක් බව ප්රණකාශකිරීම.
03. අනුභූතිය සංකීරණ ක්රි යාවලියක් බවට පත්වූවිට ප්රපත්ය්ක්ෂ ඥානය තිබීම.
04. ප්රභත්යකක්ෂය මිනිස් සංහතියට නව දැක්මක් එකතුකිරීම.
කුඩා දරුවකු උපදින විට ඔහුගේ මනසේ කිසිවක් නැත. කිසිවක් නොලියූ හිස් කඩදාසියක් මෙන් පිරිසිදුය. ඔහු ඉන්ද්රිුය මගින් බාහිර ලොකයෙන් ගන්නා අරමුණු අද්දැකීම් සේ විදගනී.මේවා මුලින්ම ඇතිවන්නේ සරළ සංකල්ප ලෙසය. උදාහරණයක් ලෙස රෝස මලක් දකින පුද්ගලයෙකු එහි හැඩය ග්රමහණය කරගනී. පාට දකින්නේ දෙවෙනි වරය.කල්යත්ම සුවද, නම, ඉන් ඇති ප්රායෝජන ආදිය දැනගනී. පළමුව ඇතිකර ගන්නා සරළ අත්දැකීම දෙවනුව සංකීරණ බවට පත්වේ. ඒ සමගම වස්තුව පිළිබදව ප්රතත්ය‍ක්ෂ ඥානය ලබා ගනී.මෙම ප්ර ත්ය ක්ෂ ඤාණය ඒ හා සමාන වවස්තූන් හදුනා ගැනීමේදී උපයෝගී කර ගනී. මෙලෙස ඇතිවන ඤාඥය රෝසමල පිළිබදව විශ්ලේෂණාත්මක විවරණයකට මග පාදයි. ජෝන් ලොග් මින් අදහස් කළේ සරළම අත්දැකීම් සංකීරණ බාවයට පත්කර ගැනීමත් ඒ තුලින් නව ඥානය ඇතිකර ගැනීමත් පිළි බදවය. එතුමාගේ අදහසට අනුව ඔනෑම දෙයක් ප්ර ත්ය්ක්ෂ වන්නේ වර්ථමානයේ පමණී. රෝස මලක් දකින විට පමණක් පවතී. නොදකින විය අනුභූතියෙන් තොර වන විට නොපවතී යයි එතුමන් දක්වා ඇත. මේ අනුව යම් කිසි පුද්ගලයෙක් බාහිර ලෝකය විෂ ය කර නොගන්නා විට නොපවතී.එ අනුව පුද්ගල මනසෙහි සියල්ල පවතින බව මෙහිලා දැක්වේ.මේය එක්තරා ආකාරයකට විඤ්ඤාණවාදී ස්වරෑපයක් ගනී.කෙසේ වෙතත් ප්රසත්යපක්ෂය පිළිබදව ඉතා පැහැදිළි විධිමත් අදහසක් බාක්ලේ විසින් ඉදිරිපත් කළද දෙවියන් වහන්සේ සම්බන්ධ කර ගැනීම නිසා ඔහුගේ අදහස් සැකයට භාජනය විය. මෙම දුර්වල අදහස් මගහරවා ගැනීමට ඩේවිය් හියුම් නම් දාර්ශනිකයා උත්සාහගෙන තිබේ.
ඩේවිට් හියුම්ගේ දර්ශනයෙහි වැදගත් ලක්ෂණය වන්නේ අනුභූතියට විෂයවන දේ ගැන පමණක් කතා නොකොය ඊයට අදාළවන සියලු සාධක පිළබද විමසීමයි. මේ සදහා ඔහු හේතුඵල සම්බන්ධය ඉදිරිපත් කරයි. කිසියම් ප්ර තිඵලයක් පිළිබදව අප විසින් තොරතුරැ සොයා බලන්නේ පෙනෙන සාධක මත පමණක් යැපෙමිනි. එහෙත් එය ප්ර‍මාණවත් නොවේ. වර්ථමාන අනුභූතිය අතීත සිද්ධි රාශියක ප්රෙතිඵලයක් විය හැක. එබැවින් ප්රිතිඵලය වර්ථමානයේ වුවත් ඊට ආදාළ සාධක අතීතයට අයත්වන බැවින් එවා ප්ර ත්යික්ෂ නොවන්නේයැයි බැහැර කළ නොහැක. වර්ථමාන ප්රේතිඵලය පිලිබද අවශ්යඅ මෙන්ම අදාළ සාධකද විමසා බැලිය යුතුය. ඔහු සරළ උදාහරණයක් දක්වමින් මෙය පැහැදිලි කරයි. ගිනි කූරක් දැල්වූවිට පෙනෙන්නේ ගිනි දැල්ලය.එහෙත් මිස අදාළ සාධක කිහිපයක් සිදුවී අවසන් වූවිට පමණක් පෙනෙන දැල්ලෙන් පමණක් සෑහීමකට පත් නොවිය යුතුය. ඔහු ඔනෑම දෙයක් පිළිබද සිද්ධි මාලාවක් ඇතැයි මෙයින් පෙන්වා දේ. පුද්ගල ආත්මය පිළිබද හියුම් විමර්ෂණ කිරීමේදී ඕනෑම පුද්ගල යෙකුට ආත්මයක් ඇතැයි විමසිය හැකිබව මොහු පැවසීය.මෙය අන්තරවාලෝකනය යනුවෙන් හදුන්යි. තමාගේ සිතට තමා එබී බලමින් එහි මතුවන සිතුවිලි පිළිබදව මෙයින් දැනගත හැක. හියුම්ට අනුව අප සිතෙහි පවතින්නේ සිතුවිලි හා චිත්ත රූප සමූහයක් පමණි.
මෙම අන්තරාවලෝකනය තරමක් අපහසු ක්රියයාවලියකි. එහෙත් නූතන මනෝ විද්යාසවේ විවිධ අංශ සංවර්ධන කිරීම පිණිස හියුම්ගේ සංකල්ප වැදැගත් විය. පුද්ගලයා තුළ මතුවන විවිධ අදහස් කිනම් හේතුන් නිසා මතුවන්නේද ඒවා කෙලෙස පාලනය කළ හැකිද යනාදී කරුණු මෙම අන්තරාවලොකනය සංකල්පය තුළින් මතුවිය. හියුම් විසින් ඉදිරිපත් කරනලද අදහස් බෙහෙවින් බුදුසමය හා ගැලපේ. බෞද්ධ චින්තනය හා පිළිබදව සලකාබලන විට ඤාණය ලබා ගැනීම සදහා අනුගමනය කරන ලද ක්රිරයාමාර්ග 03 දැක ගත හැකිය.
01.අනුභූතිය
02.තර්කය
03.අතීන්ද්රිඤය ප්ර ත්යයක්ෂය.
මේ අතරින් අනුභූතිය ඤාණ මාර්ගයක් ලෙස ප්රලමුඛතාවය ලබයි. බුදුන්වහන්සෙගේ සමස්ත චර්යාව සලකාබලන විට සියල්ල ආනුභූතික ක්රි්යාවලියක් සිදුවූ බව පෙනේ. අතීත භවයන්හි ස්වභාවය පිලිබද දැක්වෙන මූලාශ්රයවල ජීවත පරිඥානය පිණිස ක්රිදයාකළ අයුරැ වාර්තාවේ. සෑම සිද්ධියක් මගින්ම ප්රගකට වන්නේ පරිපූර්ණ මනුෂ්යයත්වය සදහා අනුභූතිය මත ඥානය ලබාගත් ආකාරයයි.සිදුහත් කුමරැගේ ජීවන පැවැත්ම අනුභූතිය මතසකස් වූ අයුරු සතරපෙර නිමිති දැකීමේ පටන් සත්යා්වබෝධය දක්වා ක්රි යාකිරීම තෙක් අනුභූතිය හා ප්ර ත්යරක්ෂය මත සියල්ල සිදුවූ බව අරිය පරියේසන සුත්ර්යේදී විස්තරවේ. ගරුවරුන් හමුවේ තමන් තමන් අපේක්ෂා කරණු ලබන අරමුණු සහ ගමන සංවිධානය කරගතයුතු අයරු ‘‘ ජානං - දකිමින්, පච්චතතං - ප්ර්ත්යුක්ෂ වශයෙන් අවබෝධකර ගනිමින් ක්රිරයාකළ අයුරු විස්තරවේ. භය භෙරව නම් සුත්රතයේදී සත්යාුවබෝධය පිණිස අනුභූතිඤාණයේ වැදගත්කම විස්තර කෙරේ. මහා සකුඵදායි සුත්රරයේදී දුෂ්කර ක්රි යාව, මැදුම් පිළිවෙත ආදී සිද්ධින් ධර්මාව බෝධය දක්වා තමා මෙහෙයවූ ආකාරය පෙන්වා දේ. ප්රුත්ය්ක්ෂයෙන් තොරවූ ඤාණය වලංගු නොවන බව වච්ජගොත්ථ සුත්ර්වල විස්තර වේ......................

Wednesday, November 9, 2011

බෞද්ධ විඤ්ඤාණය


බෞද්ධ මනෝ විග්රහය තුළ විවිධ මානසික අවස්ථා තුනක් ඇති බව හදුනාගත හැක. ඒවා සිත, මනස, විඤ්ඤාණය වශයෙන් හදුන්වා ඇත.“චිත්තං ඉතිපි මනෝ ඉතිපි විඤ්ඤාණං ,, මෙහි සිත හා මනස වෙන් වෙන්ව පවත්නා වෙනමම අංශ තුනක් හෝ එකට එක්වම ක්රතයාත්මක වන ඒකකයක් හෝ නොවේ.ඒවා හේතුඵල වාදීව සාපේක්ෂකව අන්යෝන්ය වශයෙන් සම්බන්ධව පවත්නා මානසික තත්ව තුනක් වශයෙන් බුදුදහමෙහි පෙන්වා දී ඇත.මෙම මානසික තත්වයන් එකකට එකක් වෙනස්වූ විවිධ ක්රි්යාකාරීත්වයන් අර්ථවත් කරයි. ඒ අනුව සිතභාවාර්ථයෙන්ද මනස ඉන්ද්රියාර්ථයෙන්ද විඤ්ඤාණය ක්රි්යාර්ථයෙන්ද හදුන්වා දී ඇත.
භාවාර්ථවත්වූ සිත සැගවුනු ස්වරෑපයෙන් නැත හොත් ගූඩ ස්වරෑපයෙන් ප්ර්කට කරයි.මනස ඉන්ද්රදය ස්වභාවයකින් ක්රි යත්මක වේ.මනේනද්රිවය වශයෙන් එය හදුන්වා දී ඇත්තේ එබැවිනි. විඤ්ඤාණය ක්රිායාර්ථයෙන් හදුන්වාදී ඇත. එහි ක්රි‍යා ස්වරෑපය වන්නේ ඉන්ද්රි යයන් ඇසුරැ කොටගෙන ඤාණයන් ගොඩ නැගීමේ ක්ර යාවලියයි.
බෞද්ධ විග්ර හය තුළ ප්රදධාන විඤ්ඤාණ අවස්ථා දෙකක් හදුනා ගත හැක. මහා නිදාන සුත්‍රාගත ප්ර්තීත්යථ සමුත්පාදය තුළ “සංඛාර පච්චයා විඤ්ඤාණං විඤ්ඤාණ පච්චයා නාම රෑපං නාම රෑප පච්චයා විඤ්ඤාණං යනුවෙන් දක්වා ඇත.මෙිහ පුර්වයෙන් දක්වා තිබෙන විඤ්ඤාණය සංසකාරයන් හෙවත් පුණ්යා පාප ධර්මයන් නිසා හටගන්නා ප්රිතිසන්ධි විඤ්ඤාණයයි. එනම් නැවත ප්රණතිසන්ධිය සදහා උප්පත්තිය සදහා හේතුවන ජනක ශක්තියයි.
මෙම ශක්තිය තමා විසින් සිදු කරන ලද පිං පව් කර්මයන්ට අදාලව බිහිවේ. මෙය කර්ම විඤ්ඤාණය යනුවෙන්ද හදුන්වා ඇත. මරණයේන පසු ත්වත් භවයක උප්පත්තිය සදහා ගමන් කරන්නේ මෙම විඤ්ඤාණ ශක්තියයි. එය මව් කුසකට හෝ වෙන්ත් උප්පත්ති ස්ථානයකට එළඹ ජාතිය ගොඩනගාගනී.මව් කුසකට එළඹෙන කර්ම විඤ්ඤාණය එහි කළලය ග්ර්හණය කොට ගනිමින් වැඩීම අරඹයි. අවස්ථා පහක් ඔස්සේ මේහි වර්ධනය සිදුවන බව අංගුත්තර නිකායේ ඉන්දක සුත්ර යේ සදහන් වේ.මෙම අවස්තාව ප්ර තිසන්දිය නිසා පහළවන නාමරෑප අවස්තාවයි. නාමරෑප වර්ධනයෙන් පසු නැවත විඤ්ඤාණය බිහිවේ. එම විඤ්ඤාණය ඉන්ද්රිියානුබද්ධ විඤ්ඤාණ පහක් වහයෙන් ක්රිරයාත්මක වේ. එවා චක්කු විඤ්ඤාණය, සොත විඤ්ඤාණය, ඝාණ විඤ්ඤාණය, ජිව්හා විඤ්ඤාණය, කාය විඤ්ඤාණය, මනෝ විඤ්ඤාණය, මෙහිදී මනො විඤ්ඤාණය මවි කුස තුළදීම බිහි වී පවතින්නකි. දරැ උපතත් සමගම අනෙකුත් විඤ්ඤාණ පසම ක්ර යාත්මක වීම නිසා විඤ්ඤාණ හයක් පරිපූර්ණ වේ.
බෞද්ධ මනෝ විග්ර හය තුළ විඤ්ඤාණයේ ක්රිායාකාරීත්වය හදුන්වා දෙනු ලබන්නනේ ද උක්ත සැවැදෑරැම් විඤ්ඤාණයන් ඔස්සේය.ක්රිේයාර්ථයෙන් හදුන්වා දෙන්නනේ මෙමෙ විඤ්ඤාණ හයයි. ඉන්ද්රි ය විඤ්ඤාණයන්ගේ ක්රිණයාකාරීත්වය පුද්ගලයෙකුට සාමාජීය ජීවතය ගත කිරීමේදී අත්යා වශ්යා වේ. දැකීම ඇසීම දැනීම සහ හැගීම යන ක්රිතයාකාරීත්වයන් හදුනාගනු ලබන අවස්තා විඤ්ඤාණය යයි කියනු ලැබේ.
“ විජානාතීති ඛො අවුසො විඤ්ඤාණන්ති වුච්චති,, දැන ගන්නනේය යන අරැතින් විඤ්ඤාණයයි කියනු ලැබේ. මෙහි දැන ගැනීමටලක්වන්නේ රෑප ශබ්ධ ගන්ධ රස ස්පර්ෂ සහ ධර්ම හෙවත් සිතුවිලිය. මෙම දැන ගැනීම විඤ්ඤාණය තුළින් සිදු කෙරෙන ප්ර්කට ක්රිධයාකාරීත්වයකි.මෙම විඤ්ඤාණ ක්රිලයාකාරීත්වය පුද්ගල බද්ධ ජීවිතය තුළ පැවැත්මට බොහෝ සෙයින් ඉවහල් වේ. එමෙන්ම මේ තුලින් ගොඩ නැගෙන පශචාත් ආනුභූතික චෛතසික ක්රිතයාකාරීත්වය සසර ගමනට ඉවහල් වේ. සංසාර පවෘත්තිය උදෙසා හේතුකාරකවන තවත් ක්රිියාකාරීත්යවක් බුදු සමය මෙහිලා අවධාරනය කරයි.
“ කම්මං කෙත්තං විඤ්ඤාණං බීජං, තණ්හා සෙනහො ,, මෙම ප්රාකාශයේ කර්මය කුඹුරක් වශයෙන්ද විඤ්ඤාණය බීජයක් වශයෙන්ද තෘෂ්ණාව තෙතමනය වශයෙන්ද දක්වා තිබේ.කර්මය නැමති කුඹුරේ තන්හාව නැමති බීජය තන්හාව නැමැති තෙතමනය නිසා හට ගනී. මෙය බව ගමන සිදුවන ආකාරය අර්ථවත් කරයි.විඤ්ඤාණය නැමැති බීජය තුළින් අවධාරණය කරනු ලබන්නේ ප්රගතිසන්ධි විඤ්ඤාණයයයි.එම විඤ්ඤාණය නිසා නැවතත් භවයක් හට ගන්නා ආකාරය බුද්සමයෙහි දක්වා තිබේ. විඤ්ඤාණ නිරෝධයෙන් සියලු දුක් නිමාකල හැකි බව සුත්රහගත ඉගැන්වීම් තුළින් දැකිය හැක.
“ යං කිංචි දුක්ඛං සම්භොති සබ්බං විඤ්ඤාණ පච්චයා. විඤ්ඤාණස්ස නිරොධෙන එතෙන උපලුජ්ජති,,
විඤ්ඤාණය නිසා සියලු දුක් හට ගන්නා බවත් එම ව්ඤ්ඤාණ නිරෝධයෙන් සියලු දුක් නිමා කළ හැකි බව දක්වා තිබේ. මේ අනුව භවයට හේතු පාදක වන විඤ්ඤාණය ද සාමාන්යධ ජීවිතව තුළදී ගොඩ නැගේන විඤ්ඤාණාදී විඤ්ඤාණ හය තුළින් බිහිවන්නාවූ ශක්තියක් බව හදුනාගත හැක. මෙබදු ක්රි යාකාරීත්වයක් විඤ්ඤාණය තුළින් අර්ථවත් වේ........