
බෞද්ධ මනෝ විග්රහය තුළ විවිධ මානසික අවස්ථා තුනක් ඇති බව හදුනාගත හැක. ඒවා සිත, මනස, විඤ්ඤාණය වශයෙන් හදුන්වා ඇත.“චිත්තං ඉතිපි මනෝ ඉතිපි විඤ්ඤාණං ,, මෙහි සිත හා මනස වෙන් වෙන්ව පවත්නා වෙනමම අංශ තුනක් හෝ එකට එක්වම ක්රතයාත්මක වන ඒකකයක් හෝ නොවේ.ඒවා හේතුඵල වාදීව සාපේක්ෂකව අන්යෝන්ය වශයෙන් සම්බන්ධව පවත්නා මානසික තත්ව තුනක් වශයෙන් බුදුදහමෙහි පෙන්වා දී ඇත.මෙම මානසික තත්වයන් එකකට එකක් වෙනස්වූ විවිධ ක්රි්යාකාරීත්වයන් අර්ථවත් කරයි. ඒ අනුව සිතභාවාර්ථයෙන්ද මනස ඉන්ද්රියාර්ථයෙන්ද විඤ්ඤාණය ක්රි්යාර්ථයෙන්ද හදුන්වා දී ඇත.
භාවාර්ථවත්වූ සිත සැගවුනු ස්වරෑපයෙන් නැත හොත් ගූඩ ස්වරෑපයෙන් ප්ර්කට කරයි.මනස ඉන්ද්රදය ස්වභාවයකින් ක්රි යත්මක වේ.මනේනද්රිවය වශයෙන් එය හදුන්වා දී ඇත්තේ එබැවිනි. විඤ්ඤාණය ක්රිායාර්ථයෙන් හදුන්වාදී ඇත. එහි ක්රියා ස්වරෑපය වන්නේ ඉන්ද්රි යයන් ඇසුරැ කොටගෙන ඤාණයන් ගොඩ නැගීමේ ක්ර යාවලියයි.
බෞද්ධ විග්ර හය තුළ ප්රදධාන විඤ්ඤාණ අවස්ථා දෙකක් හදුනා ගත හැක. මහා නිදාන සුත්‍රාගත ප්ර්තීත්යථ සමුත්පාදය තුළ “සංඛාර පච්චයා විඤ්ඤාණං විඤ්ඤාණ පච්චයා නාම රෑපං නාම රෑප පච්චයා විඤ්ඤාණං යනුවෙන් දක්වා ඇත.මෙිහ පුර්වයෙන් දක්වා තිබෙන විඤ්ඤාණය සංසකාරයන් හෙවත් පුණ්යා පාප ධර්මයන් නිසා හටගන්නා ප්රිතිසන්ධි විඤ්ඤාණයයි. එනම් නැවත ප්රණතිසන්ධිය සදහා උප්පත්තිය සදහා හේතුවන ජනක ශක්තියයි.
මෙම ශක්තිය තමා විසින් සිදු කරන ලද පිං පව් කර්මයන්ට අදාලව බිහිවේ. මෙය කර්ම විඤ්ඤාණය යනුවෙන්ද හදුන්වා ඇත. මරණයේන පසු ත්වත් භවයක උප්පත්තිය සදහා ගමන් කරන්නේ මෙම විඤ්ඤාණ ශක්තියයි. එය මව් කුසකට හෝ වෙන්ත් උප්පත්ති ස්ථානයකට එළඹ ජාතිය ගොඩනගාගනී.මව් කුසකට එළඹෙන කර්ම විඤ්ඤාණය එහි කළලය ග්ර්හණය කොට ගනිමින් වැඩීම අරඹයි. අවස්ථා පහක් ඔස්සේ මේහි වර්ධනය සිදුවන බව අංගුත්තර නිකායේ ඉන්දක සුත්ර යේ සදහන් වේ.මෙම අවස්තාව ප්ර තිසන්දිය නිසා පහළවන නාමරෑප අවස්තාවයි. නාමරෑප වර්ධනයෙන් පසු නැවත විඤ්ඤාණය බිහිවේ. එම විඤ්ඤාණය ඉන්ද්රිියානුබද්ධ විඤ්ඤාණ පහක් වහයෙන් ක්රිරයාත්මක වේ. එවා චක්කු විඤ්ඤාණය, සොත විඤ්ඤාණය, ඝාණ විඤ්ඤාණය, ජිව්හා විඤ්ඤාණය, කාය විඤ්ඤාණය, මනෝ විඤ්ඤාණය, මෙහිදී මනො විඤ්ඤාණය මවි කුස තුළදීම බිහි වී පවතින්නකි. දරැ උපතත් සමගම අනෙකුත් විඤ්ඤාණ පසම ක්ර යාත්මක වීම නිසා විඤ්ඤාණ හයක් පරිපූර්ණ වේ.
බෞද්ධ මනෝ විග්ර හය තුළ විඤ්ඤාණයේ ක්රිායාකාරීත්වය හදුන්වා දෙනු ලබන්නනේ ද උක්ත සැවැදෑරැම් විඤ්ඤාණයන් ඔස්සේය.ක්රිේයාර්ථයෙන් හදුන්වා දෙන්නනේ මෙමෙ විඤ්ඤාණ හයයි. ඉන්ද්රි ය විඤ්ඤාණයන්ගේ ක්රිණයාකාරීත්වය පුද්ගලයෙකුට සාමාජීය ජීවතය ගත කිරීමේදී අත්යා වශ්යා වේ. දැකීම ඇසීම දැනීම සහ හැගීම යන ක්රිතයාකාරීත්වයන් හදුනාගනු ලබන අවස්තා විඤ්ඤාණය යයි කියනු ලැබේ.
“ විජානාතීති ඛො අවුසො විඤ්ඤාණන්ති වුච්චති,, දැන ගන්නනේය යන අරැතින් විඤ්ඤාණයයි කියනු ලැබේ. මෙහි දැන ගැනීමටලක්වන්නේ රෑප ශබ්ධ ගන්ධ රස ස්පර්ෂ සහ ධර්ම හෙවත් සිතුවිලිය. මෙම දැන ගැනීම විඤ්ඤාණය තුළින් සිදු කෙරෙන ප්ර්කට ක්රිධයාකාරීත්වයකි.මෙම විඤ්ඤාණ ක්රිලයාකාරීත්වය පුද්ගල බද්ධ ජීවිතය තුළ පැවැත්මට බොහෝ සෙයින් ඉවහල් වේ. එමෙන්ම මේ තුලින් ගොඩ නැගෙන පශචාත් ආනුභූතික චෛතසික ක්රිතයාකාරීත්වය සසර ගමනට ඉවහල් වේ. සංසාර පවෘත්තිය උදෙසා හේතුකාරකවන තවත් ක්රිියාකාරීත්යවක් බුදු සමය මෙහිලා අවධාරනය කරයි.
“ කම්මං කෙත්තං විඤ්ඤාණං බීජං, තණ්හා සෙනහො ,, මෙම ප්රාකාශයේ කර්මය කුඹුරක් වශයෙන්ද විඤ්ඤාණය බීජයක් වශයෙන්ද තෘෂ්ණාව තෙතමනය වශයෙන්ද දක්වා තිබේ.කර්මය නැමති කුඹුරේ තන්හාව නැමති බීජය තන්හාව නැමැති තෙතමනය නිසා හට ගනී. මෙය බව ගමන සිදුවන ආකාරය අර්ථවත් කරයි.විඤ්ඤාණය නැමැති බීජය තුළින් අවධාරණය කරනු ලබන්නේ ප්රගතිසන්ධි විඤ්ඤාණයයයි.එම විඤ්ඤාණය නිසා නැවතත් භවයක් හට ගන්නා ආකාරය බුද්සමයෙහි දක්වා තිබේ. විඤ්ඤාණ නිරෝධයෙන් සියලු දුක් නිමාකල හැකි බව සුත්රහගත ඉගැන්වීම් තුළින් දැකිය හැක.
“ යං කිංචි දුක්ඛං සම්භොති සබ්බං විඤ්ඤාණ පච්චයා. විඤ්ඤාණස්ස නිරොධෙන එතෙන උපලුජ්ජති,,
විඤ්ඤාණය නිසා සියලු දුක් හට ගන්නා බවත් එම ව්ඤ්ඤාණ නිරෝධයෙන් සියලු දුක් නිමා කළ හැකි බව දක්වා තිබේ. මේ අනුව භවයට හේතු පාදක වන විඤ්ඤාණය ද සාමාන්යධ ජීවිතව තුළදී ගොඩ නැගේන විඤ්ඤාණාදී විඤ්ඤාණ හය තුළින් බිහිවන්නාවූ ශක්තියක් බව හදුනාගත හැක. මෙබදු ක්රි යාකාරීත්වයක් විඤ්ඤාණය තුළින් අර්ථවත් වේ........
No comments:
Post a Comment