අධ්‍යාපනය හා අධ්‍යාපන දර්ශනය
අධ්‍යාපනය යන
සංකල්පය සියවස් ගණනක් තිස්සේ පරිණාමය වෙමින් පැවත එන්නකි. එය කාලයෙන් කාලයට හා
සංස්කෘතියෙන් සංස්කෘතියට රටිනි රටට අනම්‍ය වූ ආකාරවලින් පැවත ආ බව පෙනේ. ඒ ඒ කාලීනව
හට ගන්නා සමාජීය ආර්ථික විවිධතා පදනම් කරගනිමින් අධ්‍යාපනය ද කලින් කලට විවිධ
ස්වරූප ගත් බව පෙනේ. ඒ ඒ සංස්කෘතින් හි හර පද්ධති හා සාම්ප්‍රධායික දැනුම ඉදිරි පරපුර වෙත දායාද කිරීම මෙම අධ්‍යාපන
මඟින් සිදු වූ බව පෙනේ. සෑම ක්ෂණයකම වෙනස් වන ලෝකයේ අධ්‍යාපනයද ඒ හා වේගයකින්ම
පරිණාමයට පත් වේ.
“Educare”
යන ලතින්
වචනයෙන් බිඳී ආ මෙම “Education” යන්නෙහි
නිරුක්ති අර්ථය ඉවතට ගෙනයාම නැතහොත්
පිටතට මතුකර දීමයි. එනම් ශිෂ්‍යාගේ දැනුම, අවබෝධය , විභව්‍යතාවන් පිටතට මතු
කර දීමයි. අධ්‍යාපනය යනු හුදු දැනුම පිරවීමක් පමණක් ම නොවන බව මෙයින් වැටහේ.
මැක්ස් චින්ගෝ (1974) පවසන්නේ අධ්‍යාපනය යනු ශිෂයාගේ රුවිය අනුව ප්‍රායෝගික
අත්දැකීම් ලබා දී දෙවනුව න්‍යායාත්මක කරුණු පැහැදිලි කර දීමයි. ටනේජා (1990) පවසන
පරිදි මිනිසාගේ කායික මානසික, සාමාජීය,
සංස්කෘතික, සදාචාරාත්මක, අධ්‍යාත්මික ශක්තීන් නොනවත්වා වර්ධනය කරන නිත්‍ය ක්‍රියාවලිය අධ්‍යාපනයයි.
අධ්‍යාපනය
පිළිබඳ මුල් කාලීන මත අතර ප්ලේටෝ ගේ රිපබ්ලික් කෘතියේ දක්වන අධ්‍යාපනය යනු ඉතා
උතුම් හා අලංකාර දෙයකි. තත්කාලීන සමාජ රටාවන්හි යහ පැවැත්මට අධ්‍යාපනය කොතරම්
උවමනා වීද යන්න ප්ලේටෝ විසින් දක්වන ලදි. “
වෛරකල යුතු දේ සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමත්
ආදරයකළ යුතු දේ ආදරයෙන් වැළද ගැනීමට
පුහුණු කිරීම අධ්‍යාපනය නම් වේ“. උපයෝගීතාවාදී දාර්ශණිකයෙකු වූ ජෝන්
ඩුවී පවසන ආකාරයට අධ්‍යාපනය ජීවත්වීමේ ක්‍රියාවලියක්
මිස අනාගතය සඳහා සූදානම් වීම නොවන බව පෙන්වා දෙයි. නිශ්ක්‍රීය වූ අධ්‍යාපනයෙන්
පලක් නොමැති බවත් අධ්‍යාපනය සැමවිටම සක්‍රීයව පැවතිය යුතු බව ඩුවී පවසයි. ප්‍රකට
ඉංග්‍රීසි ජාතික චින්තකයකු වූ බර්ට්‍රන්ඩ් රසල් පවසන්නේ අධ්‍යාපනය යනු සමාජයට වැඩදායී දැනුමෙන් හා ප්‍රායෝගික
කුසලතාවන්ගෙන් පිරි නිර්මාණාත්මක චින්තනයක් හෙබි මිනිසුන් බිහි කිරීමයි. රසල්
තවදුරටත් පැහැදිලි කරන්නේ අධ්‍යාපන තුළින් සංස්කෘතික දායාද පවරා දෙමින් මනා සමාජානුයෝජනයක් කිරීම අධ්‍යාපනය
නම් වන බවයි. පෙරදිග දාර්ශනිකයෙකු වූ මහත්මා ගාන්ධි පැවසූ පරිදි ළමයාගේ අධ්‍යාත්මික, බුද්ධිමය හා කායික ප්‍රබෝධමත් භාවය ඇති කරන හා විභව්‍යතා
මතු කිරීම අධ්‍යාපන නම් වන බවයි. තවදුරටත් දක්වන පරිදි පුද්ගලයාගේ හිස හා අත්පා
වල ගැබ් වූ හැකියාවන් හඳුනාගෙන ඒවායේ පූර්ණ වර්ධනය ඇති කිරීමයි. මෙසේ ගත්කළ
පුද්ගලයාගේ දැනුම , කුසලතා සහ ආකල්ප වර්ධනය, සමබර පෞරුෂ වර්ධනය , චරිත
සංවර්ධනය , පුරුවැසි පුහුණුව, ආත්මාවබෝධය, සමාජ සංවර්ධනය,සමාජ සංරක්ෂණය, පුද්ගලයා
සමාජානුයෝජනය, දිවිපැවැත්ම සඳහා ඉගෙනීම ආදී කාරණ රැසක් අධ්‍යාපනය මඟින් ගම්‍ය වන
බව පැහැදිලි වේ.
අධ්‍යාපන
දර්ශනය සම්බන්ධයෙන් විද්වතුන්ගේ එකමතික අදහසක් නොමැති අතර ඇතැම් දාර්ශනිකයන් පවසන්නේ අධ්‍යාපන දර්ශනයට
පිළිගත හැකි විෂයක්ෂෙත්‍රයක් නොමැති බවත්ය. එය අධ්‍යාපනයේ ඇති ප්‍රශ්න වලට සාමාන්‍ය
දර්ශනයේ ඇති කරුණු ඈදා ගැනීමක් බව ආර්.එස් පීටර්ස් පවසයි. ඔහු පවසන ආකාරයට මෙම
සහසම්බන්ධය තුළ අංශ හතරක් මතු වන බවයි.
1. අධ්‍යාපනයට
සම්බන්ධ සුවිශේෂී සංකල්ප විග්‍රහ කිරීම.
2. අධ්‍යාපනයේ
අන්තර්ගතය හා ක්‍රමවේදයන් කෙරෙහි ආචාර ධර්ම හා
සමාජ දර්ශනය බලපාන ආකාරය විග්‍රහ කිරීම.
3. අධ්‍යාපන ක්‍රියාදාම
කෙරෙහි අධ්‍යාපන මනෝ විද්‍යාවේ බලපෑම හා
අභි්‍යුපගමනයන් පරීක්ෂණයට භාජනය කිරීම
4. විෂය මාලා
අන්තර්ගතය හා සංවිධානය සම්බන්ධ දාර්ශනික ගැටළු විග්‍රහ කිරීම.
අධ්‍යාපන ක්‍රියාවලියේ දී මතුවන ගැටළු ප්‍රශ්න
අවම කරමින් ඒවාට ප්‍රායෝගික විසදුම් සපයා ගැනීම හා අධ්‍යාපනයට අදාල සංකල්ප හා
අදහස් විශ්ලේෂණය කිරීම අධ්‍යාපන දර්ශනයේ
අපේක්ෂාවයි. මෙහිදී අවධානයට ලක්වන ප්‍රධාන ප්‍රශ්න 03 කි.
1. දැනුම පිළිබද
ප්‍රශ්න
2. ඇගයුම පිළිබද
ප්‍රශ්න
3. ළමයාගේ යථා
තත්වය පිළිබද ගැටළු.
පූර්ව නිගමන
මත ක්‍රියාත්මක වන අධ්‍යාපනයේ ප්‍රතිපත්ති පිළිබඳ අධ්‍යාපන දර්ශනයෙන් අවධානයට ලක්
වේ. ඒ.ඊ රීඩ් නැමති දාර්ශනිකයා දක්වන ආකාරයට
අධ්‍යාපනයේ ප්‍රශ්න විසදීම සඳහා
දාර්ශනික ක්‍රම භාවිතා කිරීම සහ
අදාළ දාර්ශනික චින්තනයට අධ්‍යාපනයෙහි
ඇති සම්බන්ධය තීරණය කිරීමයි. තවදුරටත්
විග්‍රහ කිරීමේ දී අධ්‍යාපන දර්ශනය මගින් සෑම අධ්‍යාපන ක්‍රියා වලියකම පරමාර්ථ හා අරමුණු තීරණය කිරීම, විෂයමාලා
සංවර්ධනය හා වෙනස් කිරීම හා ගැටළු නිරාකරණය, ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රම හා උපාය
මාර්ග තීරණය, ආදී අංශ ගණනාවකට මෙම අධ්‍යාපන
දර්ශනයෙන් ලැබෙන පිටුවහල සුවිශාල වේ.
Good article
ReplyDeleteGd post bro
ReplyDeleteThis was very useful for my examination...thank u
ReplyDeletegood
ReplyDeleteThank you friend
ReplyDeleteස්තූතියි ඉතා වැදගත් පැහැදිලි කිරීමක්
ReplyDeleteGOod
ReplyDeleteGood ....important block
ReplyDeleteවර්තමාන ගුරුවරයා විසින් මෙය පරිංශීලන කළයුතුමය.Very important to teacher's
ReplyDeleteස්තුති
ReplyDeleteGood
ReplyDeleteVery usefull article.... thank you very much & all the best
ReplyDeleteThats better article
ReplyDeleteThat good for us...thank you so much ...dear ..
ReplyDeleteවැදගත් ලිපියකි.ස්තූතියි
ReplyDelete❤️
ReplyDeleteගොඩක් වැදගත් උනාා💪💪💪💪💪 තවත් මේ වගේ ලිපි බලාපොරාත්තු වේ .
ReplyDeletethank u so much,more helpful
ReplyDeleteවටිනා ලිපියක්. ස්තුතියි.
ReplyDeleteගොඩක් වැදගත් ලිපියක්.බොහොමයක් ස්තූතියි!
ReplyDelete