03) ‘‘තමන්ගේ
චිත්තවේග පාලනය කරගැනීමේ හැකියාව ඔහුගේ/ඇයගේ චිත්තවේග සංවර්ධනයේ ප්‍රතිඵලයකි.
චිත්තය නොහොත් සිත පුද්ගල පැවැත්මේ ස්වභාය තීරණය කරන ප්‍රධානතම
බලවේගයයි. මෙහිදී සිත මූලික කර ගනිමින් සියලු පුද්ගල චරිත හා පෞරුෂයන් ගොඩ නැගෙන
අතර එහි මනා පාලනයකින් යුතුව හැසිරවීම දියුණ පෞරුෂයකින් යුත් මිනිසෙක්
ගොඩනැගීමෙහිලා ප්‍රමුඛ කාර්යක් වේ. මිනිසා ස්වභාවයෙන් කෘෘරතර බව හා නරක උරුම කම්
කියයි. නමුත් මිනිසාගේ චිත්තවේග පාලනය තුළ
යහපත් සමාජයක් නිර්මාණය කර ගැනීමට හැකිය. එහිදී පුද්ගල බාහිර හා අභ්‍යන්තර
සාධක මනාව තුළනය කර ගැනීම අත්‍යාවශ්‍ය වේ.
මෙහිදි පුද්ගලයාට ඇතිවන ආවේග එනම් සතුට, දුක, තරහව ඊෂ්‍යාව, ලැජ්ජාව
ආදී මනෝ භාවයන් තුළින් යම් යම් පෙළඹවීම් ඇති කරයි. එහිදී සතුට සොම්නස ආදී
මනෝභාවයන් තුළින් ගොඩනැගෙන ශාරීරික හා
මානසික චිත්තා වේග නිමැවුම් ඔහුටත් අවට සමාජයටත් එතරම් අහිතකර බලපෑමක් ඇති
නොකරයි. නමුදු දුක, තරහව, ඊෂ්‍යාව වැනි මනෝභාවන්ගෙන් හට ගන්නා චිත්තවේග ක්‍රියාවලියක්
ජනිත කරන ප්‍රතිඵලය ඊට හාත්පසින් වෙන් විය හැක්‍ල. මිනිසා යමක් හිමි කර ගැනීමට වඩා
යමක් අහිමිවීමේදී දක්වන ප්‍රතිරෝධය ස්භාවයෙන් ම වෙනස් වේ. එහිදී සතුටක් සොම්නස කෙරෙහි දැඩිලෙස ආශක්තවන අතර එහි
විරුද්ධ පාර්ෂවයේ දුක දොම්නස කෙරෙහි දැඩි විරෝධී බවක් පල කරයි. මෙකී හේතුව නිසා
මිනිස් චිත්තවේග ඵලය හඩා වැටීම්, බැණ වැදීම්, පහරදීම්, ඝාතනය කිරීම්, සියදිවි හානි
කර ගැනීම් දක්වාම විහිදී යයි.
මෙම චිත්ත වේගයන්ගේ ක්‍රියාත්මක වීම් පොදුවේ සෑම
කෙනෙකුටම සමව බලපැවැත්වෙන්නේ නැති අතර විවිධ පුද්ගල පෞරුෂ ලක්ෂණ ඒවා කෙරෙහි
බලපායි. ළමා තරුණ වයස් කාණ්ඩවල අය
චිත්තාවේග වලදී ක්‍රියාත්මක වන ආකාරයට වඩා වෙන් ස්වරූපයකින් වැඩිහිටි පුද්ගල චරිත
කටයුතු කරයි. වයසින් මුහුකාරයාම, අධ්‍යාපනය, ජීවිතපරිඥානය,අත්දැකීම්,සමාජ තත්වයන්
මත මෙකී චිත්තාවේගයන්ගේ චර්යාමය බලපෑම් වෙනස් වේ. චිත්තාවේග හා සම්බන්ධ හැගීම් ශාරීරික
හා මානසික ක්‍රියාකාරීත්වය පොදුවේ සෑම කෙනෙකුටම බලපැවැත්වේ. නමුත් මෙකී
චිත්තාවේගයන්ගේ පාලනය යම් තරමකට හෝ සීමාවීමක් සිදුකිරීම පරිණත බුද්ධියේ ස්වභාවයයි.
පුද්ගලයාට ඇතිවන හැගීම් හා චිත්තාවේග චර්යාබවට පෙරලීමේදී යම් කිසි සීමාවකට යටත්ව
කටයුතු කිරීමට පෙළඹීම චිත්තාවේග බුද්ධිය ලෙස නිර්වචනය කළ හැක. මෙහිදී සිසුවකුගේ
ශාරීරික හා මානසික වර්ධනය නිසා අධ්‍යාපන
ලබන කාලය තුළ ඇතිවිය හැකි ආදරය වැනි සිතුවිලි වලදී ඒවා කෙරෙහි නැඹුරු එකී මානසික හා සමාජ
තත්වයන් මනාව තුළනය කර ප්‍රථමව තම
අභිමතාර්ථ සාධනය කර ගැනීමට පෙළබෙන්නේ නම් එය වනාහි චිත්තාවේග බුද්ධිය ලෙස
හැදින්විය හැක. තවද අන්‍යොන්‍ය වශයෙන්
අන්තර් ක්‍රියාවන්ට යොමුවන විට ඇති වන විවිධ පරස්පර විරෝධී ආකල්ප වලදී නොගැටී
ශාරීරික මානසික සමබරතාවය පවත්වාගෙන යැමට
හැකි වීම චිත්තාවේග බුද්ධියේ සැබෑ අදහසයි.
තැන්ක්ස්
ReplyDeleteYou are wallkam
Delete