එංගලන්ත
කාර්මික විප්ලවය, ඩාවින්ගේ පරිණාමවාදී අදහස් හා රූසෝගේ ස්වභාව
වාදී අදහස් වලින් පන්නරය ලැබූ ජෝන් ඩුවී (1859-1952) කාලය තුළ ජීවත්
වූ දාර්ශනිකයෙකි, අධ්‍යාපනඥයෙකි. ජීවන අත්දැකීම් බොහෝ දුරට මොහුගේ දර්ශනයට
බලපා ඇත.
අධ්‍යාපනයේ වගකීම දරුවාගේ පූර්ණ පෞරුෂ වර්ධනය
කිරීම බව පෙන්වාදු ඩුවී ළමයාගේ හැකියාවන් ළැදියවන් හා සමාජ අවශ්‍යතා අනුව ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රියාවලිය හැඩ ගැසිය යුතු
බව පෙන්වා දේ. එකල තිබූ සාම්ප්‍රදායික ඉගැන්වීම් ප්‍රතික්ෂෙප
කළ ඔහු ජීවිතයේ එදිනෙදා සම්බන්ධවන ලෙස
ස්වභාවික අධ්‍යාපන අවස්ථා පාසල තුළින් සම්පාදනය විය යුතු බවත් දැක්වීය.
පාසල, පංතිය
දරුවන් ආරක්ෂා කිරීමට පමණක් පවතින බාහිර අලංකරණයෙන් යුත් ස්ථානයක් නොවිය යුතු බව දක්වා ඇත. මොහුගේ චින්තාවන්
පංතිකාමර ඉගෙනුම් - ඉගැන්වීම ක්‍රම වලට මනාව ආදේශ කළ හැකි බව පෙනේ. ගුරු කේන්ද්‍රීය
ඉගැන්වීම ප්‍රතික්ශේප කළ ඩුවී ගුරුවරයාගේ කාර්ය විය යුත්තේ දැනුම සම්පේෂණය කිරීම
නොව විවිධ ක්‍රියාකාරකම් මගින් එම දැනුම ලබා ගැනීමට අවස්ථාව සැලසීමයි.
මෙහිදී ශිෂයා කේන්ද්‍ර කොට ගෙන අධ්‍යාපනය ගොඩනැගිය යුතු වබත් සැමවිමට ඉගෙනුම්
අවස්ථා සම්පාදන කරමින් ක්‍රියා කාරකම් තුළින් ඉගෙනීමට අත්දැකීම් ලැබීමට සැලැස්විය
යුතු බව පෙන්වා දේ. මෙහිදී ව්‍යපෘති ක්‍රම, නිරීක්ෂණ, පරීක්ෂණ, ගවේෂණ, හා
නිර්මාණාත්මක ක්‍රියාකාරකම් යොදා ගත හැකි බව ඩුවී පවසයි. මෙහිදී නව චින්තාවන්
ඔස්සේ දරුවා ගොඩනැලෙන අතර නව සංකල්පනා හා නිදහස් අදහස් වලට යොමුවීමේ ඉඩකඩ නිර්මාණය
වේ.විෂය කරුණු ලබා දීමට වඩා ඒවා අත්දැකීම් මගින් ග්‍රහණය කර ගැනීමේදී දරුවා
අධයාපනය මනාව සංකලනය වන අතර එමගින් දැනුම හා ප්‍රායෝගිකත්වය අතර ඇති දුරස්ථ බව අඩු
වේ. තවද සාමූහිකව හා තනිව ගැටළු විසදීමට, සජීවී අත්දැකීම් ලබා දීම, ස්වයං අධ්‍යාපනයට
යොමු කිරීම, සම වයස් කණ්ඩායම් හා ඉගෙනීම වැනි ක්‍රියාකාරකම් නිර්දේශ කර ඇත. මෙම ක්‍රියාකාරකම්
තුළින් දරුවාට හුදු විෂය දැනුම පමණක් නොව මනා සමාජානුයෝජනයකට අවශ්‍ය දැනුම, ආකල්ප
හා කුසලතා වර්ධනය වීමක් ද සිදු වේ. මෙහිදී පංති කාමරයේදී ලබන අත්දැකීම තුළින්
ඉගෙනීම වඩා වැඩි ප්‍රතිඵලදායක බව පෙන්වා
දී ඇත. තවද එම අත්දැකීම් ස්මරණය කිරීමට
වඩා වැඩි හැකියාවක් ඇතිවන බව ඩුවී පෙන්වා දේ. මෙසේ ගත් කල ජෝන් ඩුවී විසින් පෙන්වා දෙන ක්‍රමවේද මගින් මිනිස් චින්තනය දියුණු කරන අතරම
ක්‍රියාකාරී අත්දැකීම මගින් ඉගෙනුම් -
ඉගැන්වීම් ක්‍රියාවලිය සාර්ථක කරගත හැකි බව පෙනේ.
ස්තූතියි
ReplyDeleteThank you so much
ReplyDeleteස්තූතියි
ReplyDeleteස්තුතිය
ReplyDelete