
මෑතකාලීන බටහිර දර්ශනයේ අනුභූතිවාදී ප්රනවණතා ඇතිවීම කෙරෙහි බලපෑ කරුනු කිහිපයකි.
01. බුද්ධි වාදී චින්තකයන්ගේ සහජ සංකල්පවාදයට එරෙහි වීම.
02. ප්ර්න්සිස් බේකන් වැනි නිදහස් චින්තකයන්ගේ විද්යාුත්මක චින්තනය, පාරභෟතික සිද්ධාන්ත ප්රවතික්ෂෙප කිරීම.
03. මධ්‍යකාලීන දේවවාදී මුලධර්ම විවෙචනය කිරීම.
මෙම පසුබිම යටතේ 16වන සියවස අගභාගය වන විට අනුභූතිවාදය පිළිබද නව ප්රවණතා අපරදිග දර්ශනයේ බිහිවිය.යම් ප්‍ර මානයකට සාර්තක අනුභූතිවාදී දර්ශනයක් මුලින්ම ඉදිරිපත් කරනු ලැබුවේ ජෝන්ලොග් විසිනි. ඔහුගේ දර්හනයේහි සමස්ත ඉගැන්වීම අදියර කිහිපයක් යටතේ දැක්විය හැක.
01. සහජයෙන්ම පවතී යන සංකල්ප ප්රහතික්ෂෙප කිරීම.
02. කුඩාදරුවෙක් ඉපදෙනවිට ඔහුගේ මනස අනුභූතිවලින් තොර පිරිසුදු පුවරැවක් බව ප්රණකාශකිරීම.
03. අනුභූතිය සංකීරණ ක්‍රි යාවලියක් බවට පත්වූවිට ප්රපත්ය්ක්ෂ ඥානය තිබීම.
04. ප්රභත්යකක්ෂය මිනිස් සංහතියට නව දැක්මක් එකතුකිරීම.
කුඩා දරුවකු උපදින විට ඔහුගේ මනසේ කිසිවක් නැත. කිසිවක් නොලියූ හිස් කඩදාසියක් මෙන් පිරිසිදුය. ඔහු ඉන්ද්රිුය මගින් බාහිර ලොකයෙන් ගන්නා අරමුණු අද්දැකීම් සේ විදගනී.මේවා මුලින්ම ඇතිවන්නේ සරළ සංකල්ප ලෙසය. උදාහරණයක් ලෙස රෝස මලක් දකින පුද්ගලයෙකු එහි හැඩය ග්රමහණය කරගනී. පාට දකින්නේ දෙවෙනි වරය.කල්යත්ම සුවද, නම, ඉන් ඇති ප්රායෝජන ආදිය දැනගනී. පළමුව ඇතිකර ගන්නා සරළ අත්දැකීම දෙවනුව සංකීරණ බවට පත්වේ. ඒ සමගම වස්තුව පිළිබදව ප්රතත්යක්ෂ ඥානය ලබා ගනී.මෙම ප්‍ර ත්‍ය ක්ෂ ඤාණය ඒ හා සමාන වවස්තූන් හදුනා ගැනීමේදී උපයෝගී කර ගනී. මෙලෙස ඇතිවන ඤාඥය රෝසමල පිළිබදව විශ්ලේෂණාත්මක විවරණයකට මග පාදයි. ජෝන් ලොග් මින් අදහස් කළේ සරළම අත්දැකීම් සංකීරණ බාවයට පත්කර ගැනීමත් ඒ තුලින් නව ඥානය ඇතිකර ගැනීමත් පිළි බදවය. එතුමාගේ අදහසට අනුව ඔනෑම දෙයක් ප්‍ර ත්ය්ක්ෂ වන්නේ වර්ථමානයේ පමණී. රෝස මලක් දකින විට පමණක් පවතී. නොදකින විය අනුභූතියෙන් තොර වන විට නොපවතී යයි එතුමන් දක්වා ඇත. මේ අනුව යම් කිසි පුද්ගලයෙක් බාහිර ලෝකය විෂ ය කර නොගන්නා විට නොපවතී.එ අනුව පුද්ගල මනසෙහි සියල්ල පවතින බව මෙහිලා දැක්වේ.මේය එක්තරා ආකාරයකට විඤ්ඤාණවාදී ස්වරෑපයක් ගනී.කෙසේ වෙතත් ප්රසත්යපක්ෂය පිළිබදව ඉතා පැහැදිළි විධිමත් අදහසක් බාක්ලේ විසින් ඉදිරිපත් කළද දෙවියන් වහන්සේ සම්බන්ධ කර ගැනීම නිසා ඔහුගේ අදහස් සැකයට භාජනය විය. මෙම දුර්වල අදහස් මගහරවා ගැනීමට ඩේවිය් හියුම් නම් දාර්ශනිකයා උත්සාහගෙන තිබේ.
ඩේවිට් හියුම්ගේ දර්ශනයෙහි වැදගත් ලක්ෂණය වන්නේ අනුභූතියට විෂයවන දේ ගැන පමණක් කතා නොකොය ඊයට අදාළවන සියලු සාධක පිළබද විමසීමයි. මේ සදහා ඔහු හේතුඵල සම්බන්ධය ඉදිරිපත් කරයි. කිසියම් ප්‍ර තිඵලයක් පිළිබදව අප විසින් තොරතුරැ සොයා බලන්නේ පෙනෙන සාධක මත පමණක් යැපෙමිනි. එහෙත් එය ප්‍රමාණවත් නොවේ. වර්ථමාන අනුභූතිය අතීත සිද්ධි රාශියක ප්රෙතිඵලයක් විය හැක. එබැවින් ප්රිතිඵලය වර්ථමානයේ වුවත් ඊට ආදාළ සාධක අතීතයට අයත්වන බැවින් එවා ප්‍ර ත්යික්ෂ නොවන්නේයැයි බැහැර කළ නොහැක. වර්ථමාන ප්රේතිඵලය පිලිබද අවශ්යඅ මෙන්ම අදාළ සාධකද විමසා බැලිය යුතුය. ඔහු සරළ උදාහරණයක් දක්වමින් මෙය පැහැදිලි කරයි. ගිනි කූරක් දැල්වූවිට පෙනෙන්නේ ගිනි දැල්ලය.එහෙත් මිස අදාළ සාධක කිහිපයක් සිදුවී අවසන් වූවිට පමණක් පෙනෙන දැල්ලෙන් පමණක් සෑහීමකට පත් නොවිය යුතුය. ඔහු ඔනෑම දෙයක් පිළිබද සිද්ධි මාලාවක් ඇතැයි මෙයින් පෙන්වා දේ. පුද්ගල ආත්මය පිළිබද හියුම් විමර්ෂණ කිරීමේදී ඕනෑම පුද්ගල යෙකුට ආත්මයක් ඇතැයි විමසිය හැකිබව මොහු පැවසීය.මෙය අන්තරවාලෝකනය යනුවෙන් හදුන්යි. තමාගේ සිතට තමා එබී බලමින් එහි මතුවන සිතුවිලි පිළිබදව මෙයින් දැනගත හැක. හියුම්ට අනුව අප සිතෙහි පවතින්නේ සිතුවිලි හා චිත්ත රූප සමූහයක් පමණි.
මෙම අන්තරාවලෝකනය තරමක් අපහසු ක්රියයාවලියකි. එහෙත් නූතන මනෝ විද්යාසවේ විවිධ අංශ සංවර්ධන කිරීම පිණිස හියුම්ගේ සංකල්ප වැදැගත් විය. පුද්ගලයා තුළ මතුවන විවිධ අදහස් කිනම් හේතුන් නිසා මතුවන්නේද ඒවා කෙලෙස පාලනය කළ හැකිද යනාදී කරුණු මෙම අන්තරාවලොකනය සංකල්පය තුළින් මතුවිය. හියුම් විසින් ඉදිරිපත් කරනලද අදහස් බෙහෙවින් බුදුසමය හා ගැලපේ. බෞද්ධ චින්තනය හා පිළිබදව සලකාබලන විට ඤාණය ලබා ගැනීම සදහා අනුගමනය කරන ලද ක්රිරයාමාර්ග 03 දැක ගත හැකිය.
01.අනුභූතිය
02.තර්කය
03.අතීන්ද්රිඤය ප්‍ර ත්යයක්ෂය.
මේ අතරින් අනුභූතිය ඤාණ මාර්ගයක් ලෙස ප්රලමුඛතාවය ලබයි. බුදුන්වහන්සෙගේ සමස්ත චර්යාව සලකාබලන විට සියල්ල ආනුභූතික ක්රි්යාවලියක් සිදුවූ බව පෙනේ. අතීත භවයන්හි ස්වභාවය පිලිබද දැක්වෙන මූලාශ්රයවල ජීවත පරිඥානය පිණිස ක්රිදයාකළ අයුරැ වාර්තාවේ. සෑම සිද්ධියක් මගින්ම ප්රගකට වන්නේ පරිපූර්ණ මනුෂ්‍යයත්වය සදහා අනුභූතිය මත ඥානය ලබාගත් ආකාරයයි.සිදුහත් කුමරැගේ ජීවන පැවැත්ම අනුභූතිය මතසකස් වූ අයුරු සතරපෙර නිමිති දැකීමේ පටන් සත්යා්වබෝධය දක්වා ක්‍රි යාකිරීම තෙක් අනුභූතිය හා ප්‍ර ත්යරක්ෂය මත සියල්ල සිදුවූ බව අරිය පරියේසන සුත්ර්යේදී විස්තරවේ. ගරුවරුන් හමුවේ තමන් තමන් අපේක්ෂා කරණු ලබන අරමුණු සහ ගමන සංවිධානය කරගතයුතු අයරු ‘‘ ජානං - දකිමින්, පච්චතතං - ප්ර්ත්යුක්ෂ වශයෙන් අවබෝධකර ගනිමින් ක්රිරයාකළ අයුරු විස්තරවේ. භය භෙරව නම් සුත්රතයේදී සත්යාුවබෝධය පිණිස අනුභූතිඤාණයේ වැදගත්කම විස්තර කෙරේ. මහා සකුඵදායි සුත්රරයේදී දුෂ්කර ක්‍රි යාව, මැදුම් පිළිවෙත ආදී සිද්ධින් ධර්මාව බෝධය දක්වා තමා මෙහෙයවූ ආකාරය පෙන්වා දේ. ප්රුත්ය්ක්ෂයෙන් තොරවූ ඤාණය වලංගු නොවන බව වච්ජගොත්ථ සුත්ර්වල විස්තර වේ......................