Thursday, July 22, 2010

ඉන්ද්‍රිය පර්ත්‍යක්ෂය


හා අනුභවික ලෝකය අතර සම්පරකය විශ්ලේෂණය කෙරෙන එනම් ඉන්ද්‍රිය පත්‍යකෂය පිළිබද මන විවරණයක් කෙරෙන සුත්‍ර දේශනයක් ලෙස මදුපින්ඩික සුත්‍රය ඉතා ප්‍රකට වුවකි .
ඉන්ද්‍රිය පරත්යක්ෂය හෙවත් පුද්ගලයා හා බාහිර ලෝකය අතර සම්බන්දය මෙම සුත්‍රයෙහි ඉතා සරල ලෙසත් පැහැදිලිවත් විස්තර වේ. පුද්ගලයට චක්කු සොත ඝාන ජිව්හ කාය මන හෙවත් අස කන නාසය දිව හම සිත හා මනස යන ඉන්ද්‍රිය හය විද්‍යමාන වේ. මෙම ඉන්ද්‍රිය තුලින් බාහිර ලෝකයේ අංශ පහක් හෝ හයක් ග්‍රහණය කරගනු ලැබේ. එය පහත සදහන් පරිදි දැක්විය හැකිය.
;

චක්කු හෙවත් ඇසට ගෝචර වන්නේ රුපයය් .මෙහිදී රුපය යන්නෙන් ද්‍රව්‍ය වල සියලුම අංශ නොකිඅවෙන අතර එයන් අදහස් වන්නේ ද්‍රව්‍ය වල පවතින පාට හා හැඩයය් (වන්න ,සන්ටාන )
දිවට රසත් සැමට සීත උෂ්නදී ස්පර්ශයනුත් මනසට සිතට ඒ ඒ අරමුණුත් අරමුනුවේ .මෙම ඉන්ද්‍රිය වලට ඒ ඒ අරමුණු යොමුවීමේදී එම අරමුණු හදුනා ගැනීම සදහා මනසේ සම්බන්දය තිබිය යුතුය. ඒ ඒ ඉන්ද්‍රිය මගින් ඒ ඒ අරමුණු මුලික වශයෙන් හදුනා ගැනීම විඤඤානය යනුවෙන් හැදින් වේ. එඅනුව් ඉන්ද්‍රිය හා අරමුණු ගැටීමෙන් පිලිවෙලින් චක්කු විඤඤානය ,සොත විඤඤානය ,ඝාන විඤඤානය ,ජිව්හ විඤඤානය ,කාය විඤඤානය, මනෝ විඤඤානය ලෙසින් හැදින්වේ.ඉන්ද්ර්ය ප්‍රත්‍යක්ශයෙහි පළමු අදීයර මෙයය.එම අදියරෙහි කොටස් තුනක එකතුවක් දැකිය හැක.




    01.ඉන්ද්‍රිය
    02.අරමුණ
    03.ඒ හා බැදුනු විඤඤානය

    මෙ කොටස් තුනේ එකතුව "පස්ස' හෙවත් ස්පර්ශය යය කියනු ලැබේ .මෙම ස්පර්ශයේ ඊලග ප්‍රතිපලය වේදනාව හෙවත් වින්දනය හටගනීමය් .ඉන්ද්‍රිය ප්‍රත්‍යක්සයේ දෙවැනි පියවර වශයෙන් සැපදුක් හා මදය වින්දනයක් හටගනී. වින්දනය යනු පුද්ගලික පැවැත්මට අවශ්‍ය මානසික ආහාරයකි. අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ පුද්ගලයාගේ පැවැත්මට අවශ්‍ය ආහාර වර්ග හතරක් දක්වා ඇත .




    • කබලින්කර ආහාර (ද්‍රව්‍යමය ආහාර )

    • ඵස්සහර (වින්දනය)

    • මනොසන්චේතනාහාර (චේතනා ,සංකාරා,කර්ම,දැඩි අදහස් දෘෂ්ටි මතවාද )

    • විඤඤාන ආහාර (ඉන්ද්‍රිය මගින් ලැබෙන අරමුණු ඇතිවන් වින්දනය සංකාරා ආදී අත්දැකීම් සියල්ලේම එකතුවක් ලෙස පුද්ගලයාගේ මනස තුල ගොඩනැගෙන මගේ ආත්මය මගේ ෙපෳර්ෂය,පුද්ගලිකත්වය මින් අදහස් වේ.)


    ඉහත සදහන් කල ඉන්ද්‍රියන්ට අරමුණු සම්බන්ද වීමෙන් අරමුණු හදුනගනීම විඤඤානය යනුවෙන් හැදින්වේ.එහෙත් උක්ත දක්වන ලද විඤඤානය යනුවෙන් දැක්වෙන්නේ "සංකාරා පච්චයා විඤඤානං" යන පටිච්ච සමුප්පාද දර්ශනයේ අදහස් කරන පුනර්බවයට මුලිකවන සංකාරා නැත්නම් කර්මය හා බැදුනු විඤඤානයය. මෙමෙ ඉගැන්වීමට අනුව පුද්ගලයාගේ පැවැත්මට අවශ්‍යවන ආහාරවලින් දෙවැන්න වින්දනයය. ඉහත දක්වන ලද ඉන්ද්‍රිය අරමුණු හා අදාල විඤඤානය යන තුනේ එකතුව තුලින් "ඵස්ස" එම වින්දන ආහාරයන් නිර්මාණය කරනු ලැබේ. මෙමෙ වින්දනය පුද්ගලයාගේ පවහ්ට්මට නිරතුරු අවශ්‍ය වන බැවින් අප ලබන වින්දන් ඒවට අදාල සලකුනුසහිතව සිතේ තැන්පත් කරගනු ලැබේ . ද්‍රව්‍යමය ආහාර අවශය අවස්ථාවල පරිබෝජනය සදහා තැන්පත්කරන්නක් මෙන් අවශාට් අවස්ථාවල නැවත අවර්ජනයකොට එම වින්දනය නැවත ලැබීමට මතකයේ නැවත තැන්පත් කරනු ලැබේ .තම ලද ඉන්දයේ සලකුණු හෙවත් සන්කීත සහිතව සිත තුල තැන්පත්කර ගැනීම හෙවත් මතකයේ තබා ගැනීම සංඥා නමි. ඉන්ද්‍රිය ප්‍රත්යක්ෂයේ තෙවන අදියර මෙයය්. මෙසේ තැන්පත් කරගනුලබන දහස් ගණන් සංඥා අවශ්‍යතා පරිදි නැවත නැවත මෙනෙහිකොට එම වින්දනය යලි යලිත් ලැබීම මිනිස් සිතේ ලක්ෂණයකි. මෙම සංඥා නවටහ නැවත ලබාගෙන මෙනිහිකිරීම "විතක්ක " නම්වේ. විතක්ක නොකරනවිට එම සංඥා අභාවයට පත්වේ.එහෙත් යම් සංඥාවක් දිගින් දිගටම මෙනෙහි කරන්නේනම් එය කාලයාගේ අැවෑමෙන් සත්වර සංකල්ප දෘෂ්ටි මතවාද චේතනා සංකාරා බවට‍ පත්වේ .මෙයට ප්‍රංපච හෙවත් ප්‍රංපච ගොඩනැගීමයය් කියනු ලැබේ .මෙය ඉන්ද්‍රිය ප්‍රත්යක්ෂයේ පස්වෙනි අදියරය්.මෙසේ ගොඩනග ප්‍රංපච හෙවත් සංකල්ප දහස් ගණනක් පුද්ගල මනසේ පවතී.ඒවා මේ බාවයට පමණක් නොව පෙර භවයට පවා සම්බන්ද වේ.පුද්ගලයා යනු මෙකී ප්‍රංපච රාශියක එකතුවකි .බොහෝවිට පුද්ගලයාව කය්කව වාචසිකව මානසිකව විවිද ක්‍රියා සදහා මෙහෙයවනු ලබන්නේ මෙමෙ ප්‍රංපච හෙවත් සංකල්පයන් වේ. පුද්ගලයා විසින් නිර්මිත මේ ප්‍රංපච වලම වහලෙක් හෙවත් දාසයේ බවට පත්වීම ඉන්ද්‍රිය ප්‍රත්යක්ෂයේ අවසාන ප්‍රතිපලයය්,මෙමෙ ප්‍රංපච හෙවත් සංකල්ප වලින් මිදීම නිර්වාණය වේ.නිර්වාණය
    නිශ්ප්‍රංපච යනුවෙන් හදුන්වන්නේ එබැවිනි.


    මදුපින්ඩික සුත්‍රය ඇසුරෙන්...........


1 comment:

  1. The Hotel Lobby - MapYRO
    The Hotel Lobby 안양 출장마사지 has an 사천 출장마사지 exterior view of 구미 출장안마 the 구미 출장마사지 Lobby, and it offers all of the amenities that the hotel is located near. The lobby 정읍 출장안마 features two bars

    ReplyDelete