Thursday, July 22, 2010

කලාව පිළිබද බෞද්ධ ආකල්පය

සාහිත්‍ය ,සංගීතය .කලාව චිත්‍ර ,මුර්ති,කැටයම් අඩිය මෙන්ම සිපවලද ගැනීම් ආදී ක්‍රියාවන් ද කලාව යන්නෙහි ගැබ් වෙතය් ඇතැම් විචාරකයෝ පවසති .
සැබවින්ම කලාත්මක අවශ්‍ය තව ජීවවිද්‍යාත්මක අවශ්‍යතාවකි .ලොව මිනිස් චර්යාවන් විනිවිද දුටු බුදුන් වහන්සේ මිනිසාගේ ජීවවිද්‍යාත්මක අවශ්‍ය තත්වයන්ට විරුද්ධ
නොවුහ. එබැවින් සෞන්දර්ය රසාස්වාදය පිළිබද විශේෂ න්‍යායක් බෞද්ධයා විෂයෙහි හදුනාගත හැක .සව්න්දර්ය හා කලාව බෞතික වස්තුන් ආශ්‍රයෙන් පැන නගින බව අපි දනිමු . මිනිසුන්, සත්තුන්, ගේදොර, ගහකොළ අදිය් ආශ්‍රයෙන් චමත්කාරය මතුවන අතර නිර්මාණ කරුවන් විසින් ගොඩනගන ලද අවස්ථාද දැකිය හැක .මේවා රග ද්වේශ මෝහ ආදී පදනම් තුලින් වින්දනය කිරීම හානිකරය .බව්තික වස්තු ආශ්‍රිත හෙයන් කමය හා රාගය වැඩිය හැක.එනිසා කලාත්මක අස්වාදයෙහි කමය හා විසිතුරුබව අතර වෙනස හදුනාගත යුතුය .එබැව සංයුක්ත නිකායේ නකාම සුත්‍රයෙහි මෙලෙස දැක්වේ .

"නතෙ කාමායානි චිත්‍රානි ලොකෙ සංකප්ප රගෝ පුරිසසස කමො"

"ලෝව විසිතුරු දේ කාමයෝ නොවෙති .මිනිසාගේ සංකල්ප රගයම කාමයෝ වේ."

ලොව ස්ත්‍රී පුර්ශදීන් මෙන්ම වෙනත් වස්තුන්හි පවතින සුන්දරත්වය වරදක් නොවේ. එය සොබාදහමේ නිර්මාණයක් ලෙස සිතියහක .මෙයට ලෝබයෙන් මමය මගේය යන සංකල්පයන් උපදවාගෙන නිත්‍ය ,සුක ,සුබ ආදී වශයෙන් උපාදානය හෙවත් දැඩිව අල්ලවාගැනීම් ඇතිකර ගැනීම සංකල්පරාගය ගොඩනග ගැනීමකි .මෙය විදිමත් රසාස්වාදයට හානිකරය .සාහිත්‍ය කෘතියක හෝ වෙනත් කලාත්මක නිර්මාණයක් රස්සවිදීමෙදී මමායනයෙන් මමත්වයෙන් හෝ මමය මගේය යන හැගීමෙන් යුක්තනොවීම මේ අනුව අත්‍යවශ්‍ය වේ.මෙයට අනුපාදන ආකල්පයය ව්‍යවහාරවේ රහතන් වහන්සේලා විදි ආස්වාදය පිලිබදව සප්පක,වංගීස,කාලුදය් වැනි තෙර ගාථා වලින් හා නොයෙක් ථෙරී ගාථා වලින් අනවරනය් වේ.එබැවින් අනුපාදන ආකල්පය ඇතිකර ගැනීම රසස්වාඩ් අකල්පයෙදී අත්‍යවශ්‍යවේ. බොදු කල කෘතිවල අරමුණු රාශියකි .සෑම කලා කෘතියකින්ම ජීවන දර්ශනයක් ලබාදේ යනුවෙන් REED නමැති විචාරකයාගේ මතයට බුදුදහම සපුරා එකගවේ. මේ හැරුණුවිට කලාවේ අරමුණු කාලයෙන් කාලයට වෙනස් වේ.කලාව කලාව සහාය යන මතය ඇතැමුන් දරන අතර තවත් සමහරුන් කලාවෙන් පවත්නා සමාජය ප්‍රතිනිර්මාණය වියයුතුබව දක්වය්. බුදුරජාණන් වහසේද මීට සමාන අදහසක් බර්ද්වාජ සුත්ත්රයෙහි දක්වා ඇත ."ගතාභි ගීතොම්හි මේ අභෝජනෙය්යං" යන ප්‍රකාශයෙන් පැහැදිලිවේ.ගාථා කීමෙන්පසු කසීබරද්වාජ දුන් දානය ප්‍රතික්ෂේප කලේ ගාථා කීමෙන් හරිහම්බකරගත් දෙයින් තම නොවලදන පවසමිනි.

No comments:

Post a Comment